Chapter 11

204 26 5
                                    

"හලෝ ශ්‍රී... විනාඩි දහයකින් මම එනවා. දොරේ ලොක් එක ඇරල තියන්න"

"හරි අයියේ"

"අයියා එනවලු. ලොක් එක ඇරල වරෙන්කෝ"

"අරිනවා තොට මම-"

"කුනුහර්ප කියන්න එපා ලක්කා"

"අනේ හු#හන් බන්. තෝත් දැන් අභි අයියගේ ඩයලොග්ස් උස්සනවද"

"වෙන්න මිනිහාගෙ ඒවා කියන්නෙ නැතිව තවුසෙගෙ මිනිහගේ ඒව කියන්න කියලද කියන්නේ මට?

"ඔය හැමෝටම කලින් ඔයා තමා මගේ පලවෙනි ආතරේ සුඩු හමට්ටයා. දැන් ඔයා ඒවා අමතකයි වගේ හැසිරෙන්න එපා රත්තරනේ"

"පලකෝ අහකට. දොර ඇරපන් පගො ගිහින්"

මුගෙත් වෙලාවකට හෙන කැටයම් තමා තියන්නෙ. මූ කියන විදියට මට අභි අයියව සෙට් නොවි ඌටත් නිලුපුල් අයියව සෙට්නොවි තිබුන නං ඌ මාව කසාද බදිනවලුනේ. මම බෑ කිව්වොත් අපෙ අම්මට හොරෙන් මාව එක්කන් පැනලා යනවා කියලත් දවසක් කීවා. උගේ අප්පගෙ තියරි තමා ඉතින් තියන්නෙ බේසික මිතුරා. මට පහලට යන්න තිබුන කම්මැලිකම නිසා දෙයියනේ කියලා ලක්කව යවල දොරේ ලොක් එකත් ඇරලෙව්වා. ඌ කාමරේට අඩිය තියද්දිමමට ඇහුනා අපේ ගේට් එක ඇරෙන සද්දේ. දෙයියනේ දෙයියනේ මගේ සකලංසමාලේ ඇවිත් නේද?

"අන්න මගේ හොර මිනිහගේ වෙන්ඩ බෝයිපෙන් ඇවිත් "

"ඌඌව්ව්ව් ලැජ්ජ කරන්නෙපා යකෝ"

"තොට ලැජ්ජාව කියලා එකකුත් තියනවද මැණික"

"අහගන්න තමා හදන්නේ ඔය මගෙන්. වරෙන් යන්න පහලට""

"උබ පලයං මම ඕනයැ. තොගෙනෙ මිනිහා."

"මිනිහා නෙවෙයි අයියා. වරෙන් කෑරලා"

"ඉදපන්"

මම අරුවත් ඇදගෙන පහලට යද්දි අයියා ගෙට ඇවිත් දොර වහන ගමන් හිටියේ. එයා අනිත් පැත්ත හැරෙද්දි ම මම දුවලා ගිහින් ඇඟට පැනලා එයාගේ බෙල්ල බදාගත්තා. කියන්න සන්තෝසයි උගේ බෙල්ලේ එල්ලුනාම මගේ කකුල් දෙක පොලව මට්ටමින් අඩි දෙකක් විතර උඩට ඉස්සුනා. කොහෙද ඉතින් පුවක් දණ්ඩා වගේනේ උස. ඉස්සරහ මම චුටි කාලේ තාත්තා ගෙදර ආවමත් උඩ පැනලා බෙල්ලේ එල්ලෙන්නේ. තාමත් එහෙම තමා. තායීලන්ඩ් ගියාම එයාර්පෝට් එක කියලා බලන්නේ නෑ මම ගිහින් තාත්තගේ බෙල්ලේ එල්ලෙනවා. අපේ අම්මා නන් බයිනවා කොන්ද කඩන්නෙපා කියලා තාත්තගේ. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයීනේ. අයියත් මාව එහම්මම උස්ස ගත්තා. මදි පාඩුවට ලක්කත් ඇවිත් අයියගේ කරේ එල්ලුනා. හනේ ඉතින් දැන් නං අභි අයියා තාත්තා කෙනෙක් වගේ. අර හවසට වැඩ ඇරිලා ගෙදර එද්දි චූටි පැටව් මග බලාගෙන ඉදලා තාත්තා ගෙදර ආව ගමන් වඩා ගන්න ඇඟට පයිනවා වගේ අපි දෙන්නම අභි අයියගේ කර එල්ලිලා. වෙලාවට අපි දෙන්නම වැඩිය බර නෑ. නැත්නං අභි අයියට කොන්දක් අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නන්න වෙනවා.

Aster Monarch (කැළෑමලට ආදරෙන්) Where stories live. Discover now