සිත් ඇදගන්නා ඒ හුරු දෑස, මා දෙස වෙනදා ආදරයෙන් බැලූ තද නිල් පැහැ නෙත් මා දෙස එල්ල වූයේ, ඒත් එක්කම මගේ පපුව පසාරු කරන් ගිය කඩුවත් සමගයි. කුමක්ද සිදුවුනේ කියලාවත් සිතා ගැනීමට නොහැකි වූ මං එකපාරටම නැගිට්ටේ මගෙ එලාම් එක වැදෙද්දී
' මොන මගුලක් ද මන්දා, එක්කො එලාම් එක නැත්තම් අම්මාගෙ කොසු පාර ' මම එහෙම බැන බැන ගියේ මූන හෝදගන්න.
මට මේ හීනෙ ඉන්න කෙනා කවුද කියලා දැන ගන්න ඕනේ. ආයෙ ආයෙත් මගේ හීන වලට එන ඒ කෙනා කවුද කියලා දැනගන්න ඕන. මට ප්රශ්න ගොඩාක් තියෙනවා ඒත් මගෙ ලොකුම ප්රශ්නෙ, ඇයි මට කඩුපහරෙ වේදනාවට වඩා හිත පලාගෙන යන වේදනාවක් දැනෙන්නේ. ඇයි ඒ නෙත් මට රිදවන්නේ.
මම වොශ් දානකන් හිතුවේ වෙනදා වගේමයි, මේ හීනෙ මම මාස තුනක් තිස්සේ දකිනවා. ඒත් ඒකට හේතුව මට හොයා ගන්න බැරි වුනා.
මං ඉක්මනට ඉස්කෝලෙ යන්න රෙඩි වුනේ අම්මගේ කෑගැහිල්ලටයි. ඇදුම් ඇදගෙන පොත් ටිකත් බෑග් එකට දාගෙන මම පහලට දිව්වා. හැමදාම පුරුද්දක් විදිහට බොන මගෙ අම්මිගෙ කිරි තේක බොන ගමන් බිස්කට් ඔබාගෙන කාපු මම ඉක්මනට දිව්වා පාරට. අන්තිමට අනූ නමයයි දශම නවයට මම බේරුනේ තව ඩිංගෙන් මම දුව්ව වේගෙට කකුල පැටලිලා වැටෙන්න ගිය මාව කවුරුහරි මාව අල්ලගනිද්දි.
මම ඒ කවුද කියලා බලන්න ඔලුව ඉස්සුවා.
' ඔච්චර කඩාගෙන දුවන්නෙ, හරකෙක්ද තමුසෙ. මොලේ නැද්ද' ඒ කෙනා බැනගෙන බැනගෙන ගියා.
මම මොකුත් නොවුන ගානට දත් තිස් දෙකම එලියට දාලා හිනා උනා. කොහෙද ඉතින් මේ මිනිහා රැව්වා නේද මට අම්බානෙක. හැබැයි මෙයා හුරුයි වගේ. එයා පේන විදිහටනම් හැන්ඩියා දිග කලු ඩෙනිමයි කලු ශර්ට් එකටයි පොර හැන්ඩ්සම්.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/365992363-288-k325024.jpg)
YOU ARE READING
සිහින මාවතක අතරමන් වී
Romancehate to love... story අතීතයි වර්තමානයි අතර සම්බන්ද තියෙන ආදරවන්තයන් දෙදෙනෙක් ... වැරදවා වටහාගැනීමකින් සිදු වූ සිදුවීමක් ....