මට උදෙන්ම ඇහැරුනා. රෙශෝන් අයියා බලනකොට එයාගෙ කාබරේට ගිහිල්ලා. මම මූන කට හෝදගෙන මට තියලා තිබ්බ ඇදුමත් ඇදගෙන මම පල්ලෙහාට ගියා .
එතකොට මම දැක්කා අයියා කුස්සියේ මොනවදෝ උයනවා .
' ගුඩ් මෝර්නින් '
' ගුඩ් මොර්නින් මචං . පොඩ්ඩක් ඉදහන් මං ඉක්මනටම මේක හදලා දෙන්නම් . එතකන් මේ තේක බොන්නකෝ '
' ඔහ් තැන්ක්ස් අයියෙ '
' මේ අහන්නකො . උබට මතකද අපේ බැජ් එකේ හිටියා කොන්ඩෙ සුදු කොල්ලෙක් '.
' ඔව් මතකයි . ඇයි ඇහුවෙ '
' අනේ මන්දා මචන් නිකන් මතක් උනා '
' හාකො ' මම එහෙම කියලා තේක බොන්න ගත්තා .
' මචන් උබේ අයියට කොහොමද බන් '
' ඈ බං මං උගෙ සහෝදරයා වෙලත් ඔච්චර කැක්කුමක් නෑනෙ '
' නෑ නෑ නිකන් ... කියපන්කො ඉතින් '
' එයාගෙ කලින් එෆෙයාර් එක නැවතුනා පස්සෙ තව කෙල්ලෙක් හම්බවුනා දැන් ඉතින් ඒකිත් එක්ක එතීගෙන වෙලීගෙන ඉන්නවා . විශේෂයෙන් කියන්න දෙයක් නෑ ඌ හොදින් සතුටින් ඉන්නවා '
' ඔහ් එහෙමද ' එයා ලාවට හිනා වුනත් එයාගෙ මූනෙන්ම කියන්න පුලුවන් මොකක් හරි ප්‍රශ්නයක් කියලා .
' මචං උබ අවුලෙන් නේද '
' නෑ නෑ බං වෙන අයට අයිති දෙයක් කියලා දැන දැනත් මම තාම එකම තැන හිරවෙලා බං '
' මට තේරුනේ නෑ '
' උබට ඒක නොතේරෙන එකමයි හොද '
' මචන් මට ඔයා කිව්ව දේ නොතේරුනාට ඔය හැගීම ඕනවටත් වඩා මම අදුරනවා . මම ඒ හැගීමෙ හැමදාම ගිලිලා ඉන්න නිසා . දුරින් බලාගෙන ඉන්නවා මිසක් ඒකට විසදුමක් නෑ කියන හැගීම මම ඕනවටත් වඩා දන්නවා . ඔයා කැමති කාටද කියලා මට ගෙස් කරන්න බෑ ඒත් ඔයාට ඒ කෙනා හම්බවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා '
' ඒක හරි බං . මෙච්චර කාලයක් යනකන් තනිකඩව ඉන්න හේතුවත් එයා තමයි '
' මචං උබ කියන්නෙ මං හිතන කෙනා ගැන නේද '
' ඔව් . හරියටම කිවොත් ඒ වෙන කවුරුත් නෙවෙයි යොමේල් , මම දුර ඉදන් ආදරේ කරපු සමන්පිච්ච මල '
' මචං මං තමා එයාට එයාගෙ දැන් ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් ව සෙට් කරේ . අනේ මට සමාවෙන්න අයියෙ '
' ඒක කමක් නෑ බං . ඒක ඔයාගෙ වැරැද්ද නෙවෙයි . ඔයා කියන්න කලින් මම ඔය සේරම දැනගෙන හිටියා . ඔයාගෙ අයියගෙ බ්‍රේකප් එකට පස්සෙ අර නංගිට යාලුවෙන්න ඔයා සෙට් කරන්න කලින් මංමයි එයාට ගිහින් කතා කරේ ඒ නිසා ඔයා ඒක ගැන දුක් වෙන්න එපා . මං එයාට ආදරේ කරන්න පටන් ගද්දිම හිත හදාගෙනයි හිටියෙ එයා මට අයිති නෑ කියලා . මචං එයා ලග ඉන්න බැරි උනාට මම එයා ළමයි හදලා වයසට යනකන්ම ඈතින් එයාව රැක බලා ගන්නවා . සහ එයාට රිද්දන හැම කෙනෙක්වම මරන එක මරනවාමයි .'
මම මොකුත් කියන්න ගියේ නෑ . ඒත් මට මං ගැනම කලකිරීමක් ඇති උනා මෙච්චර හොද කෙනෙක් ඉදලත් අර කොහෙදෝ ඉන්න කෙල්ලෙක්ව අයියට සෙට් කරේ කියලා . අයියේ මං මේ උන දේ හරි ගස්සනවාමයි . මටයි මගෙ ළමයටයි කරපු උදව වලට මං මේ සේරම හරි ගස්සන්නම් .
' මල්ලි සුප් එක රස නැද්ද '
' නෑ අනේ මට නිකන් අප්පිරියයි වගේ සහ කිසි පිරියක් නෑ '
' අහ් ඩොක්ටර් කිව්වා නේන්නං මේක ගැන '
' ආහ් මල්ලි අපි හවස පොඩ්ඩක් ඇවිදින්න යං . '
' හා . මම ආවට මට මෙහෙ පොඩ්ඩක් රවුමක් ගහන්න බැරි උනානෙ . මචං උබෙ දඩු මොනරා ඉන්නවාද මෙහෙ '
' ඉන්නවා ඉන්නවා . කාලා ඉවර උනාම පෙන්නන්නම්කො '
' හාකො '
දඩු මොනරා කිව්වෙ වෙන කාටවත් නෙවෙයි රෙශෝන්ගෙ බයික් එකට . ඉස්සර අපි යාලුවෝ සෙට් එක එකතු වෙලා රේස් පදිනවා . ඒ සුන්දර අතීතෙ නම් හරිම සුන්දරයි.
' ඔන්න ඉන්නවා එයා '
---------------------------------------------------------
සොරි ඔයාලව ඩිසපොයින්ට් කරාට . මේ ඩිවයිස් එකෙන් වැඩ කරන්න හරි අමාරුයි . චැප් එක කොටයි . ඉතින් සමාවෙන්න . බායි
ආතලෙයි ඔයාලට
YOU ARE READING
සිහින මාවතක අතරමන් වී
Romancehate to love... story අතීතයි වර්තමානයි අතර සම්බන්ද තියෙන ආදරවන්තයන් දෙදෙනෙක් ... වැරදවා වටහාගැනීමකින් සිදු වූ සිදුවීමක් ....