'අයියේ ඉක්මනට කාර් එක නවත්තන්න' එහෙම කියලා කෑ ගහපු මම බැහැලා වල්ල පැත්තට දිව්වා.
' ඒයි ඔහොම නවතින්න ' මං කෑ ගැහුවෙ කෙනෙක් දිහා බලාගෙනයි. ඒ කෙනා පස්සෙන් මං දිව්වේ එයාගෙ ඇස් දැකලා , තද නිල් පාට හද එලියෙ බැබලෙන ඒ නෙත් වලට වශී වෙලා හිටපු මම එක පාරටම අඩන්න ගත්තා. මට තේරෙන්නෙ නෑ ඇයි මම එහෙම කලේ කියලා හැබැයි මට එකම එක දෙයයි දැනුනෙ ඒ තමයි දුක මට වෙන මොකුත් දැනුනෙ නෑ මට දැනුනෙ මේ මහ මුහුදටත් වඩා විශාල දුකක්. ඒ දුක වචන වලින් කියන්න බෑ. මෙච්චර වෙලා මම අඩන එක දිහා එයා බලාගෙන හිටියා ඒත් වචනයක් වත් කිව්වේ නෑ. හැබැයි එයාගෙ එකම වෙනසකට තිබ්බේ එයාගෙ ඒ ඇස් දැන් කලු පාටයි. කිසිම නිල් පාටක් ගෑවිලාවත් නෑ.
' කවුද ඔයා, ඇයි මේ රෑ එකපාරටම කඩාගෙන පැනගෙන ඇවිත් අඩන්නේ ' එයා මෙච්චර වෙලා නිශ්ශබ්දව ඉදලා මගෙන් ඇහුවා. ඒ කටහඩ ඇහුන මගෙ හිරිගඩුත් පිපුනා ඒ කටහඩ සන්සුන් නමුත් බයානක හැගීමක් දුන්නා.
මං වෙන මොකුත් නොකියා එයාට සමාවෙන්න කියලා ආවා වාහනේ පැත්තට. මම දුවගෙන ගියේ ඒ කවුද කියලා බලන්න ඒත් මම කවුද කියලා නොබැලුවා මදිවට කවදාවත් මං දැකලා නැති ඒ මනුස්සයා ඉස්සරහා ඇඩුවා.
' මොන රෙද්දක්ද දන්නෙ නෑ , අනේ අයියේ ඔයා දැන් මගෙන් ප්රශ්න අහලා බැනුම් අහන්නෙ නැතුව පාඩුවේ ඩ්රයිව් කරනවද ' මං ප්රශ්න අහන්න වගේ කට හදපු ලොකූට සැර කරා ඒත් එක්කම එයා වාහනේ ස්ටාර්ට් කරලා ගෙදර යන්න පිටත් උනා.
යකුනේ දේශ් තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහෝ අර කොහෙදෝ හිටපු මනුස්සයෙක් පස්සෙ දුවලා තව ඒ මදිවට ඒකා ඉස්සරහා අඩන්න. අනේ මගෙ සූකිරි නම්බුව දැන් නම්බුව බඩුත් පැක් කරගෙන බස් එකටත් නැගලා ලෙෆ්ට්. හොද වෙලාවට ඌ මගෙ මූන දැක්කෙ නැත්තෙ නැත්තම් පාරෙ බැහැලා ඉවරයි.
එක දෙයක් නම් අපහැදිලියි ඒ කෙනාගෙ ඇස් අන්තිමට තද කලු මිසක් නිල් පාටක්වත් ඒ ඇස්වල ගෑවිලා තිබ්බෙ නෑ. ඒත් මට වරදින්න විදිහක්ම නෑ මම ඒ ඇස්වල අර හුරු පුරුදු පාට කලින් තිබුනා. හැබැයි මම හීනෙන් දැක්ක ඒ ඇස් වල පාට ඇත්ත ජීවිතේ අයටනම් නෑ .
YOU ARE READING
සිහින මාවතක අතරමන් වී
Romancehate to love... story අතීතයි වර්තමානයි අතර සම්බන්ද තියෙන ආදරවන්තයන් දෙදෙනෙක් ... වැරදවා වටහාගැනීමකින් සිදු වූ සිදුවීමක් ....