CHAPTER 06

42 4 11
                                    

මම වෙන කවුරුත් නෙවෙයි එයාට සෙට් කරේ. ඒ කෙල්ල තමා අපේ ක්ලාස් එකට අලුතින් ආපු කෙල්ල නිමේශා අමන්දි කුලතුන්ග.

ඔව් එයාව තමා මම සෙට් කරේ. ඒ කෙල්ල හරි අහිංසකයි ඒක නිසා මගෙ අයියට හොදටම ගැලපෙනවා. ලොකූට මම කෙනෙක් හෙව්වේ ඩේට් කරලා අතාරින්න නෙවෙයි. එයාට ගැලපෙන කෙනෙක් හොයලා දෙන්න තමා එහෙම කරේ. මම කොහොමත් අයියට වඩා ටිකක් සැර කෙනෙක් .

' අයියේ මොකද උනේ . එයා හොදයිද '
මම ඇහුවෙ එයාගෙ මූන රතු වෙලා තිබ්බ නිසා.

' අඩේ බං මම එයාට ගොඩක් කැමතියි ' ලොකූ කිව්වේ රතු පාට ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු පාට වෙලා.

' ඒයි ඒයි ඔයා බ්ලශින්ග් නේද. අප්පෝ කොල්ලා රතුත් වෙලා ' මම අයියට විහිලු කරේ එයා බොරුවට උගුර පාදලා එහෙම නෑ කියද්දි.

' අනේ මේ ලෑස්ති වෙයන් ඒකිව බලාගන්න '. මම ලොකූගෙ උරහිසට තට්ටුවක් දාන ගමන් එහෙම කිව්වා.

ලොකූ සතුටින් ඉන්න එක මට ලොකු සැනසීමක් . මොකද අකූව මට නැති උනාට පස්සෙ මට දැනුන දුක එයාට දැනෙන්න තියන්න හොද නැති නිසාම මම එයාගෙ හිත ගොඩාක් හැදුවා. එච්චර හදලත් එයා මේ ලගක් වෙනකන් අර යකින්නිගෙ නම හීනෙන් කියෙව්වා. මට ඉතින් ඒ වෙලාවට මේකගෙ හොම්බ කඩන්න හිතෙනවා.

' චූටි ඔයා බස් එකේ ගියා ඇති . මෙච්චර කාලයක් ගියානේ '. අයියා සැර කරපු එකට හේතුව් මට තේරුනේ පස්සෙ.

' මොකද දන්නෙ නෑ මේ එකපාරටම මාව එක්කන් යන්න අදහසක් පහල උනේ '

' නෑ මේ මගෙ මල්ලි බබානෙ ඉතින් නේද '

' ඊයා බං නවත්තපං ඔය මගුල් , තව ඩිංගෙන් ඕක අහලා මට වමනෙත් යනවා '

' හා හා දැන් බහින්න, ආ මේ මගෙ සුදූට කියන්න මං එයාට ආතලෙයි කියලා හරිද '

' ආපෝ හා හා කියන්නම් නැත්තම් ඔයා මාව බෙල්ලෙන් එල්ලයි ' එහෙම කියලා මම බැහැලා පන්තියට ගියා.

දැන් ඒ දෙන්නගෙ රිලේශන්ශිප් එක පටන් ගෙන මාසයක් විතර ඇති . හැබැයි කෙල්ල ලොකූට ආදරෙයි. දැනට එයා එකපාරක්වත් දෙයක් අරන් දෙන්න කියලා නෑ . මම නම් ඉතින් කලින්ට වඩා ටිකක් හොදින් ඒත් හොදටම හොද නෑ. අකූ නම් සතුටින් . මොනව කරන්නද මම දැන් ඉතින් අයිති මගේ සිහින කුමාරයාට තමයි.

සිහින මාවතක අතරමන් වීWhere stories live. Discover now