ඊයෙ වෙච්ච සිද්දියත් එක්ක මට හොදටම මල පැනලා හිටියේ. ඔව් ඉතින් මල පයින්නෙ නැද්ද ගෙදර ගියපු ගමන් අම්මිත් ඒකටම කාබරේ අස් කරගනින් කියලා කෑ ගහපුහාම.
' පුතේ දේශාන් දැන් හොදටම එලිය වැටිලා. ඉක්මනින් මූන හෝදගෙන පහලට එන්න ' ඔය කෑ ගැහුවෙ අපේ අම්මි. අනේ ඉතින් මගෙ ආදරනීය නින්ද . හරියට නිදාගන්න හම්බවෙන්නෙත් වීක් එන්ඩ්ස් වල විතරයි, එදාටවත් මේ ගෙදර ඉන්න මිනිස්සු මට නිදාගන්න දෙන්නෙ නැති හැටියක්.
' හරි අම්මි මන් එන්නම් ' මන් කෙදිරි ගගා දෙඩෙව්වා.
ඔව් අදත් මන් නොකිව්වට මගෙ සිහින කුමාරයා ආවා මගෙ හීන වලට. මන් කලින් කිව්ව නිල් ඇස් හාදයයි මගේ කුමාරයයි එකම කෙනා නෙවෙයි මං හිතන්නේ. ඒ මොකද, මගේ කුමාරයාගේ මුහුන මං කවදාවත් දැකලා නෑ. හැබැයි අර නිල් ඇස් හාදයාගේ ඒ අමුතු ඇස් දෙකනම් දැකලා තියෙනවා. අනේ මන්දා. මං හිතන විදිහට නිල් ඇස් හාදයා නපුරුයි සහ මගේ කුමාරයා හොදයි.
හරි මන් මෙච්චර වෙලාවක් හැංගුව මගෙ නම මං ඔයාලට කියන්නම්. මගෙ නම දේශාන් බහිර්ව් සේනානායක .
මම පහලට යන්න කියලා මූන හෝදගෙන දත්සෙට් එක මැදගත්තා. ඊට පස්සෙ කලු පොඩි ශොර්ටකුයි එකට නිල් පාට බැගී ටී ශර්ට් එකයි ඇදගෙන මං පහලට දිව්වා.
' අම්මියෝ ඔයා මගේ තේක හැදුවද '? කියලා අහන ගමන් මං කුස්සියට ගියා.
' මේ දවල් මොන තේද? දේශාන් පුතා ඔයාගෙ වැඩේමයි බත් කන වෙලාවට තේ බොන්නයි තේ බොන වෙලාවට බත් කන්නයි. මොනවාද පුතේ මේ ඔයාගෙ වැඩ. බැදපු දවසට ඔයාගෙ ඔලුවෙ හට්ටියක් තියෙයි '. අම්මි බැන බැනම බත් බෙදන්න පටන් ගත්තා.
' අනේ බලන්නකො අප්පච්චී අම්මි කියන දේවල් ' මං සාලෙ පුටුවෙ ඉදගෙන ටීවි එක බල බල හිටපු අප්පච්චිව හවුල් කරගත්තා.
' හා හා මන් නම් නෑ ඔය අම්මලාගෙයි පුතාලාගෙයි ප්‍රශ්න වලට ' එහෙම කිව්ව අප්පච්චී එතනින් යන්න ගියා.
' අද දිනුක නැද්ද අම්මි ගෙදර '
' ඉන්නවා ඉන්නවා ඉස්සරහ මිදුලෙ බලන්නකො. එයාගෙ සීදේවි එක්ක ෆෝන් එකෙන් කතා කර කර හිටියා ඔන්න '
YOU ARE READING
සිහින මාවතක අතරමන් වී
Romancehate to love... story අතීතයි වර්තමානයි අතර සම්බන්ද තියෙන ආදරවන්තයන් දෙදෙනෙක් ... වැරදවා වටහාගැනීමකින් සිදු වූ සිදුවීමක් ....