CHAPTER 09

27 3 5
                                    

එකපාරටම මම දැක්ක ඒ රුව හරි හුරු පුරුදුයි වගේ ඒත් එක්කම ඒ නෙත් ,ඒවා එකපාරටම දුබුරුව තිබුනු ඒ ඇස් දම් පාටට මාරු වෙලා ආපහු එසැනින්ම සාමාන්‍ය තත්වයට ගියා .

එයා හරි හැන්ඩ්සම් , එයාව මම දන්නවා ඒත් මතක නෑනෙ කවුද කියලා . මම විනාඩියක් විතර කල්පනා කරා. මම කල්පනා කරන ටිකට එයා මටත් හිනා වෙලා ඇතුලට ගියා . ඒ හිනාවත් මට පුරුදුයි . ඔව් ඒ එයා තමයි මගෙ සිහින කුමාරයා. මෙච්චර කල් මම හීනයක් විතරයි කියලා හිතපු කෙනා , එයා ඇත්තටම ඉන්නවා.

දැන් මට තේරෙනවා මේ දේර් සහ මේ කෙනා කවුද කියලා . ඒත් එයා මගෙ හීනෙදි වගේ මාව බේරගනියිද . මගෙ හීනෙදි වගේ මට ආදරේ කරයිද , රැකබලාගනියිද . ඒත් ඒ මගෙ හීනයක් විතරක් නිසා සමහරවිට ඇත්ත නොවෙන්නත් පුලුවන් . ඒත් ඒ දෙන්නගෙ නෙත් වල ඒ වර්නය ඇත්තක් බවට මම විශ්වාස කරනවා.

මොකද කියනවනම් පුරාවුර්තයකට අනුව ඒ නෙත් වල පාට දෙක අයිති වුනේ සද කිදුරු සහෝදරයන් දෙදෙනකට බව විශ්වාස කෙරේ . හැබැයි එයට කතාවක් තිබුනි . එම සහෝදරයන් දෙදෙනාගෙන්  එක් කිදුරෙකු ගොඩ බිමේ සිටි කුමාරයෙක්ට පෙම් බැන්ද එම සහෝදරයා කුමාරයාව හම්බවී ඔහුගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබුනි. කිදුරන්ට ගොඩබිමට ඒමට නොහැකි වීමත් සමග දැඩි ප්‍රේමය නිසා ඔහු ඔහුගේ ජීවිතයට හානි වීම ගැන දැන සිටියාත් කුමරාව අයිති කරගැනීමට ඕන වූ නිසා සද කිදුරු රාජදානියේ තිබූ සහෝදරයන් දෙදෙනාට උරුම වූ නීල වරනයෙන් පැහැති මානික්‍ය යොදා මිනිස් කකුල් දෙපලකට හිමිකම් කිව්වාය . එසේ වූවත් සද කිදුරා දැන සිටිය කාරනයක් තිබුනා . එම මානික්‍ය පාවිච්චි කල පසු ඔහුගේ ආයු කාලය දින තිහකට පමනක් අඩුවන බව ඔහු දැන සිටියා . ඔහු තමන් හටම එක් දෙයක් දිවුරා ගත්තේය . තමන් කිසිදාක තමන්ගේ කුමරා හට රිදවන්නැති බවයි. මෙම සිදුවීමත් අතර අනිත් සද කිදුරු සහෝදරයා කෝපයට පත් වූවාය එහෙත් එයට කාරනය වූයේ මානික්‍යය නොවේ , කුමරාය . ඔව් ඔහුද කුමරාට දැඩි වශයෙන් ආදරේ කලාය , තමන්ගේ සහෝදරයා ගොඩබිමට ගියායින් පසුව ඔහු දැඩිව වයිර කිරීමට පටන් ගත්තාය එයත් සමග ගොඩබිමට ගිය සද කිදුරා කුමාරයා සමග එක් වූවාය . ඔවුන් දෙදෙනා ගැන වයිරයක් සිතේ බැදුන නිසාම සද කිදුරු සහෝදරයා කුමක්දෝ කර තිබුන බව සදහන් වී තිබේ එහෙත් සිදු වූ දේ සදහන් වී නැත ...

සිහින මාවතක අතරමන් වීWhere stories live. Discover now