CHAPTER 05

42 5 5
                                    

එයා එකපාරටම මාව තල්ලු කරා.

' දේශ් මම ජීවිතේට ඔයා මෙහෙම කරයි කියලා හිතුවෙ නෑ ' එහෙම කියලා එයා මාවත් දාලා යන්න ගියා.

' අනේ මම එයා වෙනුවෙන් අවුරුදු හයක්ම හිටියා. ඒත් එයාට එකම එක විනාඩියයි ගියේ මාව අතාරින්න ' මම අඩන්න පටන්ගත්තා.

' අනේ අකූ පැටියෝ මම මගේ හීනෙ ඉන්න කුමාරයාවත් හිතෙන් අතෑරියා . ඒ මොකද දන්නවද මම හිතුවා අවුරුදු හයක මගේ ආදරේ මාස තුනක් විතරක් හීනෙන් දැකපු කෙනාට වඩා ඔයාට ආදරේ කරපු හින්දා. ඔයාට එහෙම කරන්න ලේසි ඇති ඒත් මගෙ හිතට වාවන්නේ නෑ මැනිකේ මේ දුක '.

මම හිතට දැනුන හැම දුකක්ම කෑ ගහලා කියන ගමන් ඇඩුවා. මීට සමාන විදිහට මේ වගේම මං අඩලා තියෙනවා ඒ තමයි මගෙ මැනික වෙන කෙනෙක්ගෙ වුන දවසේ . මං එදත් මෙහෙම්මම ඇඩුවා. ඉතින් ඒ දෙන්නා වෙන් උනාට පස්සෙ මං හිතුවා මට තව අවස්තාවක් තියෙයි කියලා . ඒත් නෑ .

අඩලා අඩලා මම ආපහු හැරිලා ඉස්කෝලෙට ගියා.

' අකූ අහන්න . ඔයා මට කැමති නැති උනාට කමක් නෑ . ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ආයෙ මම ඔයාට මේවා ගැන කියලා කරදර කරන්නෙ නෑ ඒක නිසා ප්ලීස් අපි කලින් හිටපු විදිහට ඉමු '. එයා දිග හුස්මක් හෙලුවා.

' දේශ් හැබැයි ආය මෙහෙම දෙයක් වෙන්න බෑ තෙරුනානෙ තමුසෙට . එහෙම උනොත් මම මේ මගේ අත් දෙකෙන්ම ඔයාව මරනවා '. එහෙම එයා කිව්වෙ තද කටහඩකින්.

' හම් ' ඇහෙන නොඇහෙන විදිහට කියපු මම කදුලු පුරවගෙන එයාට වේදනාව දරාගෙන හිනාවක් දුන්නා.මම දන්නවා මං කොච්චර කිව්වත් අපිට අපි හිටපු විදිහට යන්න බෑ.

' අම්මී මම ආවෝ ' මම කෑ ගැහුවෙ හිනා මූනක් දාගෙනයි ඒත් අම්මිට තේරුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා . ඒත් මං කොහොමද ඉතින් එයාගෙ පොඩි පුතා ගේ කියන්නෙ .

මම අම්මිට බොරුවක් කිව්වා . මම කිව්වා මට ටිකක් සනීප නෑ කියලා.

' පුතේ ඔයාට මාව තම්බන්න අමාරුයි හොදේ '

' එහෙනම් මම ඔයාව බැදලා ගන්නම්කෝ ' එහෙම කියලා මම හරි අමාරුවෙන් හිනාවක් දැම්මා.

' දේශ් ඔයාට කියන්න හිතුනොත් ඔයා මට ඒක ගැන කියන්න . මං දන්නවා ඔයා බල කරනවට කැමති නෑ කියලා '.

එහෙම කියලා අම්මි කුස්සියට ගියා. මාත් ඒත් එක්කම වොශ් දාගෙන ඇදට ගියා. ඇදට ගිහින් ටික වෙලවක් ෆෝන් එක බලපු මම රෑට කන්නෙත් නැතුව නිදා ගත්තා.

' දේශ් බං අර බලන්නකෝ ' අකූ මට පෙන්නුවා ලස්සන රෝස ගහක් ඒත් එයා දන්නෙ නෑනෙ එයත් ඒ වගේමයි කියලා. මම ආදරේ කරපු රෝස මල . ඒත් ඒ රෝස මල අයිති වෙන්නෙ වෙන  කුමාරයෙක්ටයි .

එදා උන සිද්දියට පස්සෙ අකූ මාව තේරුම් අරගෙන සමාව දුන්නා. තේරුම් ගත්තා කිව්වෙ මම එයාට ආදරේ කරාට ඉස්සර ව්ගේම යාලුවෝ විදිහට ඉන්න එක .

මම ඉතින් හිත හදා ගත්තා හීනෙ හිටපු මගෙ කුමාරයාට ආදරේ කරන්න. ඒත් එක්කම එයාව අර නිල් ඇස් හාදයාගෙන් බේරගන්න.

එක්සෑමුත් ඉවරයි ඉතින් අපිට නිවාඩු දුන්නා. මගේ රෝස මලත් වෙන කෙනෙක් කඩා ගත්තා .

' ඕයි ලොකූ වරෙන් පල්ලෙහාට ' මම අයියට  කෑගැහුවේ පල්ලෙහාට එන්න කියලා. මේ මිනිහා තාම මම කිව්වට ඩේටින් ප්‍රොෆයිල් එකක් හදලා නෑනෙ. එහෙම හදලා නැතුව කොහෙන්ද මේකට ගර්ල් කෙනෙක් හොයලා දෙන්නෙ.

' ආ ඇතියාන්තන් ආවා පල්ලෙහාට . දැන් කියපං බලන්න තමුසෙ හැදුවද අර මං කිව්ව ඩේටින් ප්‍රොෆයිල් එක.

එහෙම අහද්දි තෙමිච්ච පූසෙක් වගේ හෙමීට එයා මාරුවෙන්න හැදුවා.

' කොහෙද ඔය යන්නෙ ' මම ඇහුවෙ යන්න ගියපු ලොකූගෙ කොලර් එකෙන් පිටිපස්සට අදින ගමන්.

' නෑ මේ මං '

' නෑ මේ මං මොකක්ද ඉතුරු ටිකත් කියගෙන යන්නකො '.

' .... '

' දැන් ඔයා කොහෙවත් යන්නෙ නෑ හරිද . වරෙන් යං අපි ගාර්ඩන් එකට '.

එහෙම කියලා මං ලොකූව ඇදගෙන ගියා අපේ ගාර්ඩන් එකට.

' ගනින් ෆෝන් එක එලියට ' එහෙම සැර කරලා ෆයිනලි ප්‍රොෆයිල් එකක් හැදුවා. ඉතින් කෙල්ලො ටිකක් බලලා මට හොදයි කියලා හිතුන කෙනා එක්ක එයාට ඩේට් එකකට යන්න මං ලෑස්ති කරා .

ඒ වෙන කවුරුත් නෙවෙයි ලොකූට මම සෙට් කරේ. මම එයාට සෙට් කරේ ......

ඔන්න අදත් කොටයි කතාව. හැමදාම කියන එක අදත් කියනවා . පැටව්නේ මේ කතාවේ ගොඩාක් ස්පෙලින්ග් මිස්ටේක් ඇති හරිද ඒවා ගනං ගන්න එපා...

එහෙනම් අදට මං ගියා...ආතලෙයි ඔයාලට 💜️

කවුද දේශ් එයාගෙ ලොකු අයියට සෙට් කරේ ?

සිහින මාවතක අතරමන් වීWhere stories live. Discover now