Chapter 12

200 27 3
                                    

කොහොමින් කොහොම හරි එදා කරච්චලේ දාල අපේ ගෙදර නවත්ත ගත්ත අභි අයියා අන්තිමට දවස් තුනක්ම ඉදල තමා එයාගේ ගෙදර ගියේ. පොරට අපේ ගෙදර හිතට අල්ලලා. ඊටත් වඩා අපේ අම්ම්ව. හප්පෝ කියවනවා ඉවරයක් නෑ මගේ කනත් ගොඩ වෙනවා මොන වෙලේ හරි. අයේශා ආන්ටිගේ කෑම රසයි... අයේශා ආන්ටි හරි විහිලුයි... අයේශා ආන්ටි හරි ලස්සනයි.... අයේශා ආන්ටිගේ කොන්ඩේ නම් මරු අප්පා... බ්ලා බ්ලා බ්ලා... මූ නිකන් අපේ අම්මට වශී වෙලා වගේ. එව්වා කොයිද මං ඉන්නකල්. සුදු දෝණීව දැලේ දාගන්න ඕවා මදියි. එයා මගේ විතරයි. හැබැයී මේ දවස්වල නන් පොර වැඩිය සද්ද බද්ද නෑ. එයා තේරිලානේ ඕල් අයිලන්ඩ් මැත්ස් ඔලිම්පියාඩ් කම්පෙටිශන් එකට. වැඩ්ඩෙක් තමා ඉතින්. එයාගේ මැත්ස් ස්කිල්ස් මොන වගේද කියනවා නං ගාන දිහා බලන් ඉදලා උත්තරේ දාන්නේ. කැල්කියුලිටර්ස් අල්ලන්නෙවත් නැ. දෙයියනේ දෙයියනේ ඒ මොලේ මට තියනවා නං.....

මටත් ඉතින් මේ හිටියට පට්ට කම්මැලියි. ඉස්සර ෆ්රී වෙලාවට එයාගේ ක්ලාස් එකට රිංගනවා ලක්කා එක්ක. ඌ ආවට ඉතින් මම තනියම තමා අයියගේ පන්තියට යන්නේ මේ පගයා යනවනේ නිලුපුල් අයියව හොයාගෙන. ඔකෙස්ට්රා එකටත් සඳනිකා මිස් අයියට එන්න එපා කියල තියන්නේ මේ දවස්වල ප්‍රැක්ටිස් වලට එයාගේ කම්පෙටිශන් එක නිසා.

"දැවෙනා දුක මේ වාවනු බෑ
කදුලෑල් දෙනෙතේ බාරගන්නේ නෑ"

මම සින්දුවක් මුමුණන ගමන් නොටේශන්ස් ටික බලන්න ගත්තා. සැහ් මූ නැතිව මියුසික් රූම් එකේ ඉන්නත් කම්මැලි සාන්ත. අනේ සාන්තයෝ ඔයාගේ සෙව්වන්දි පාලුවෙන් ඉන්නේ .... කවදද ඔය කම්පෙටිශන් එක ඉවර වෙන්නේ දෙයියෝ....

"ශ්‍රිමල් පුතා... පියානෝ එක ප්‍රැක්ටිස් කලාද ගෙදරදි?"

ආධ්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස්... මිස්ගේ කටහඩ ඇහෙද්දි තමා මතක් උනේ එයා මට පියානෝ එක හොදට ම ප්‍රැක්ටිස් කරලා එන්න කීවා නේද කියලා. හත්තිහු#තයිනේ ඉතින්. නොටේශන්ස් මතකත් නෑ හරියට. සිරිමලයෝ තෝ කන්න හදන්නේ පුප රත්වෙන්න වේවැල් පාරක් අද නං මිස්ගෙන්.

"ඔහ් මිස් ටිකක් පුලුවන්. මට මේ ටිකේ ක්ලාස් එකෙ ටෙස්ට් එකක් තිබුන නිසා ලොකුවට ප්‍රැක්ටිස් කරන්න නන උනේ නැනේ"

Aster Monarch (කැළෑමලට ආදරෙන්) Where stories live. Discover now