ටිකකින් දොර ඇරගෙන ඇතුළට ආවේ මහලු ගෑනු කෙනෙක්..ඒ කෙනා ඇදන් හිටියේ පැරණි තාලේ කළුපාට ගවුමක්..ඒ කෙනා හරිම කරුණාවන්ත විදියට කෙල්ල එක්ක හිනා වෙලා අතේ තියෙන කෑම එකත් අරන් කෙල්ල ළඟට ආවා...
"උත්තමාවියනි...මන් ඔබට කෑම ගෙනාවා..කාලා ඉන්න.."
"ක..කවුද ඔයා.."
"අපෙ උතුමානන්ගෙ ප්‍රධාන සේවිකාව...යානා.."
"අනෙ යානා..මන් මේ කොහෙද ඉන්නෙ..."
"ඒක මට කියන්න අවසර නෑ උත්තමාවිය..උතුමානන් මට කිව්වා ඔබතුමිය ඇහැරුනාම කෑම දෙන්න කියලා.."
"මට මෙහෙ ඉන්න බෑ..මට යන්න ඕන.."
"අනෙ..මට උදව් කරන්න යානා..."
"මට ඒකට අවසර නෑ උත්තමාවිය.."
"අනෙ..එහෙම කරන්න එපා..."
"සමාවෙන්න.."
යානා එහෙම කියලා දොරත් වහන් ගියේ කෙල්ලව තවත් අසරණ කරලා..කෙල්ල බැලුවේ කොහොමද යුන්ගි ගාවට යන්නෙ කියලා..කාමරේ ජනෙල්ලෙ ලගට ගියත් ඒක ඇර ගන්න බැරි වුනේ ඒවා ලොක් කරලා තිබුන නිසා..කෙල්ල කොච්චර උත්සාහ කරත් ඒක කරන්න බැරි වුන නිසා කෙල්ල එහෙම්මම බිත්තිය දිගෙ පහලට ලෙස්සලා ඇවිත් කකුල් දෙක අස්සෙ මූණ ඔබන් අඩන්න ගත්තෙ කරන්න දෙයක් නැති කමට..
"අනෙ යුන්ගි..මාව බේර ගන්න එන්නකො.."
"ම..මට..මෙහෙ ඉන්න බෑ..."
කෙල්ල අඩන්න ගත්තෙ දැනුන අසරණ කමට..එක පාරටම කවුදෝ කෙනෙක් තමන්ගෙ යාළුවව පැහැර ගෙන ගිහිල්ලා කිව්වම හරි හැටි හොයන්න බලන්නෙ නැතුව වැඩ කරපු නිසා කෙල්ල දැන් ඉන්නෙ කරපු වැඩේ ගැන පසුතැවිල්ලෙන්...
කෙල්ල කොච්චර අඬනවද කිව්වොත් කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙනා ගැනවත් දන්නෙ නෑ..දන්නෙ නෑ නෙවෙයි කෙල්ලට ඇහුනේ නෑ...
"බේබි...
ආපු කෙනා කෙල්ලට කතා කරන කොට කෙල්ල පියවි සිහියට ආවේ..කෙල්ල බය වුන පාර කෙල්ල තවත් කකුල් දෙක ලගට අරගෙන වකුටු වුනේ බය වැඩිමකට...
"බේබි..ඇයි මේ අඬන්නෙ..."
"........"
"ඔයා තාම කෑම කෑවේ නැද්ද.."
YOU ARE READING
Making Love with Vampire 🔞 || SG || [Complete]
Fanficඅවුරුදු 989කට mate තමන්ගෙ ළගට ආවොත් yoongi මොන වගෙ හැසිරේයිද? Y/N:- p..professor...මොක..මොකද මෙහෙ කරන්නෙ 😳 Yoongi:- Love...my love ♥️ මන් කොච්චර කාලයක් බලන් හිටියද ඔයා එනකම්... warning 🔞..