On the first night of frosty rain, when the world was wrapped in a cold embrace, two souls found warmth in each other, defying the chill around them.
- Elysium
"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්.
ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි"
~ තෙහාන්
.
.
.
.
.
.
.
ප්‍රධාන චරිත
• සතිශ් තෙහාන්,
කොළඹ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අතර පාසල හා සබැදි ක්‍රීඩා සංසදයෙහි රග්බි කණ්ඩායමේ නායකත්වය දරයි. මොහු බොහෝ විට තරමක් මුරණ්ඩු සහ රළු ගති පැවතුම් උසුලයි. පාසල තුළ ක්‍රීඩා කටයුතු, විෂය බාහිර ක්‍රියාකාරකම්(ශිශ්ය භට , ශිශ්ය නායක, ක්‍රීඩා නායක, ශාන්ත ජෝන් ගිලන් රථ බලකා ජ්‍යේශ්ඨ සමාජික) මෙන්ම අධ්‍යාපන කටයුතු අතරත් විශේෂ දක්ෂතා පෙන්වීම හේතුවෙන් සමාජය තුළ කැපී පෙනෙන චරිතයක් වේ.
• මොහොමද් අයාන්,
කොළඹ දිස්ත්‍රික්කයේම තවත් විශිශ්ඨ පාසලක ඉගෙනුම ලබන මොහු පාසල තුළ කැපී පෙනෙන චරිත අතර ඉහළින්ම සිටී. ශිෂ්‍ය නායක, මාධ්‍ය සංසදයෙහි නායකත්වය වැනි විශය බාහිර ක්‍රියාකාරකම් අතර ඉදිරියෙන් සිටිමින්, විවිධ අධ්‍යාපනික තරග සහ පාසල තුළ ඇති අධ්‍යාපන කටයුතු වලින්ද සෑමවිටම විශිෂ්ඨ සාමාර්ථ ලබාගනී. ඔහු සමාජය ඉදිරියේ ශක්තිමත් ස්වරූපයක් මවාපාන නමුත් ඇත්තෙන්ම සිත ඇතුලාන්තයෙන් ඉතාමත් මෘදු තරුණයෙකි.
ශීත සෘතුවක තුහිනයක් ලෙසින් ජීවිතයට පැමිණි අහිංසක සිතක් වෙනුවෙන්, රළු හදවතක් තුළ ප්‍රේමයක් කෙසේ පිළිසිදගනීද?
- තුහින වැහි | Frosty Rains
.
.
.
.
.
තෙහානුයි අයානුයි එක්ක එයාලගෙ ලෝකෙට යන්න ලෑස්තිද guys? Introduction එකේ නම් වැඩි දෙයක් ලිව්වෙ නෑ, මොකද කතාව ගැන තියෙන කුතුහලේට ඒකෙන් හානි වෙයි කියලා අපිට හිතුනා. බොහෝ දුරට හැම චැප්ටර් එකක්ම සාමාන්‍ය විදිහග දිග වෙයි, ඒත් Updates දෙන එකක් නම් ටිකක් slow වෙයි. එවා ගනන් ගන්නෙ නැතුව කතාව එක්ක රැදිලා ඉන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා....~ €ʏᴏɴ
YOU ARE READING
THUHINA WAHI | ɴᴏɴ ꜰɪc
Non-Fiction"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ...