තුහින වැහි | FROSTY RAINS ❄
එදා කාර්යබහුල සදුදාවක්. ඉස්කෝලවට, තමන්ගෙ රාජකාරිවලට යන අයගෙන් කොළබ පාරවල් පිරිලා ගිහින් තිබ්බා.
උදෙන්ම අපේ ක්ලබ් එකට ඇවිල්ලා ක්ලබ් එකෙන් වාහනයක් අරගෙන අපි යන ගමන් හිටියෙ අයාන්ලගෙ ඉස්කෝලෙට. තව ටික වෙලාවකින් ආයෙත් අයාන්ව මුණගැහෙනවා කියලා දැනෙද්දි මගේ මගෙ පපුව දිගේ අමුතු සීතල හිරියක් ගලාගෙන ගියේ මගේ එක්සයිට්මන්ට් එක කොච්චරක්ද කියලා මටම අගවන ගමන්.
වෑන් එකේ වින්ඩෝ එකෙන් එලිය බලනවත් එක්කම මගෙ ඇස් ඇදිලා ගියේ ඇහැට ප්රිය උදේ හිරු කිරණෙන් පිරිලා තිබ්බ අහසට. පැස්ටල් කූරු වලින් කරපු චිත්රයක් වගේ අහස උදෑසන හිරුව විවෘත දෑතින් පිළිගන්න ගමන් හිටියා. සුදෝ සුදු වලාකුළු වැල් අහස පුරා පාවෙමින් තිබ්බෙ ඒ හෙවනැල්ලෙන් ඉරේ කිරණ ටිකක් බාල කරන ගමන්.
අවට පරිසරයෙ පිරිලා තිබ්බ ගස් වල අතු ඒ මේ අතට පැද්දෙන ගමන් තිබ්බෙ අලුත් දවසකට සුබ පතන්න වගේ. ඇත්තටම ඒ උදේ කලාතුරකින් දකින්න ලැබෙන අමුතුම ලස්සනකින් පිරිලා තිබ්බා.
"අඩෝ අද අහස පට්ට ලස්සනයි නේ" නිකිල් මගෙන් ඇහුවෙ මම වින්ඩෝ එකෙන් බලන් ඉන්නෙ අහස දිහා කියලා ඌ දකිනවත් එක්කමයි.
"සිරා බන්, පොළොව කොච්චර බිසී උනත් බලපන්කො අහස දිහා... පට්ටම නිස්කලංකයි" මම එළිය බලාගෙනම නිකිල්ට උත්තර දුන්නා.
"ඒකනෙ, Why can't the sky always stay this way?" නිකිල් කියපු දේ එක්ක මගේ කට කොනේ ඇදුනෙ හිනාවක්. මොකද මගේ හිතේ තිබ්බ අදහස ඊට හාත් පසින්ම පරස්පරයි.
ජීවිතේ හැම දවසක්ම ඒ වගේ දීප්තියෙන් පිරුණු දවස් වෙන්න බැරි ඇයි කියලා මිනිස්සුන්ට හිතෙන්න පුලුවන්, ඒත් හැම දවසක්ම දීප්තියෙන් පිරුනු හිරු රශ්මියක් එක්ක උදා වෙන ලෝකෙක අන්ධකාරය ඇතුලෙ තියෙන සියුම් ලස්සන දකින්න තියෙන අවස්ථාව ඒ මිනිස්සුන්ට නැතිව යනවා.
කාලයක් තිබ්බා මමත් හැම දෙයකම දීප්තිමත් පැත්ත විතරක් බලාපොරොත්තු වුනු, ඒත් ජීවිතේ කියන්නෙ කොහෙත්ම දීප්තියෙන් විතරක් පිරුණු තැනක් නෙමෙයි කියලා මම තේරුන් ගත්තට පස්සෙ මම පුරුදු උනා හිරු කිරණ ඇතුලෙ වගේම සෙවනැලි අතරත් ලස්සන දකින්න.
![](https://img.wattpad.com/cover/366395522-288-k23938.jpg)
YOU ARE READING
THUHINA WAHI | ɴᴏɴ ꜰɪc
Não Ficção"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ...