තුහින වැහි | FROSTY RAINS ❄
අපි කිරිබත්ගොඩින් පිටත් වෙද්දි වෙලාව රෑ අට පහු වෙලා තිබ්බා. දියවන්නාව වෙසක් කලාපෙත් ඇවිදලා, කොළබ පැත්තෙත් වෙසක් සිරි නරඹලා, බඩ පැලෙන්න දන්සැල් වලිනුයි ස්ට්‍රීට් ෆුඩ් ස්ටෝර්ස් වලිනුයි කාලා කාලා ගෙවල් වලට යන්න හිතාගෙන වෑන් එකට එද්දි වෙලාව 12:10යි.
"මේ සැරේ ගිය අවුරුදු වලට වඩා ගොඩක් දේවල් තිබ්බා නේද බලන්න උනත්? මතකද සුදූ ගිය සැරේ අපි ගියාට මෙච්චර දේවල් තිබ්බෙ නෑ" ආදි කතාවක් පටන් ගත්තෙ වෑන් එකට නැගලා තත්පරයක් යන්නත් කලින්.
"ඔව් ආදි, ගිය අවුරුදු වල කොරෝනා සීන් එහෙම එක්ක මිනිස්සුන්ට හරියට මොකුත් කරගන්න බැරි උනා නෙ" යුගානුත් ආදි කියපු දේට උත්තර දුන්නා.
"අනික මේ සැරේ අඩියෙන් අඩියට දන්සැල්, අවුරුදු ගානකට පස්සෙ කෑවයෙන් කෑවෙ නෑ මෙහෙම දන්සැල් කෑමක්" විහාන් අයියා කියද්දි තමයි මාත් කතාවට එකතු උනේ.
"සිරා.... අම්මෝ මට නම් බඩ උස්සගන්නත් බෑ ආ" වෑන් එකට නගිනවත් එක්කම මම කිව්වෙ පිම්බිලා පුපුරන්න ආසන්න මට්ටමේ තියෙන බඩට එකක් ගහන ගමන්.
ඊටපස්සෙ මම වාහනේ දොර ඇදලා වහලා දැම්මා.
"වෙනසක් නෑ මටත්" විහාන් මට ආපිට උත්තර දුන්නා.
යකෝ එද්දි ලෑල්ලක් වගේ තිබ්බ බඩ දැන් හෙල්ලෙද්දි ගොජ ගොජ ගාලා සද්දෙකුත් එනවා. එච්චරටම කාලා.
"මොනා උනත් මට නම් හොද ගනන් දැන්, ගෙදර ගියාම නින්ද යයි මලා වගේ" අපිට ඉස්සරහා සීට් එකේ ඉදගෙන හිටපු යුගාන් කිව්වෙ පත ඈනුමකුත් යවන ගමන්.
නොදකිනවත්, අපිටටත් නිදිමත හැදෙනවා ඒ ඈනුමේ සයිස් එක දැක්කම.
"අපෝ යකෝ ඈනුම් අරින්න එපා ඔහොම හොදට ඉන්න මිනිස්සුන්ටත් නිදිමත හැදෙනවා"
ඔය කතා අස්සෙන්ම මාත් ගිහින් අයාන්ගෙ එහාපැත්තෙන් ඉදගත්තෙ සුපුරුදු විදිහට. කොල්ලා මන් අරන් දුන්න බැලුම් බෝලෙත් බදාගෙන අපේ කතාවට කන් දීගෙන ඉන්නවා.
"නිදිමතද අයාන්?" මම ඇහුවෙ කොල්ලගෙ මූණෙ පිරිලා තිබ්බ තෙහෙට්ටු ගතිය නිසයි.
YOU ARE READING
THUHINA WAHI | ɴᴏɴ ꜰɪc
Literatura Faktu"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ...