පළමුවන වැස්ස - 1ꜱᴛ ᴄʜᴀᴘ

1.3K 58 24
                                    

තුහින වැහි | FROSTY RAINS

"උබට බෝලයක් අරන් එන්න කිව්වෙ දෑතෙ තියන් භාවනා කරන්න නෙමෙයි, ඔන්න ඕක දියන් ඔය පොඩි එකෙක්ට" මගෙ එහාපැත්තට වෙලා බෝලෙත් බදාගෙන මගෙ මූන දිහා බලන් හිටපු කසුනට මම කෑගහලා එහෙම කිව්වෙ අපේ වටේ හිටපු කරුමක්කාර පොඩි උන් ටිකගෙ කන් කරච්චලේ වහන්න මිසක් කසුනට කෑගහන්න ඕනකමක් නිසා නෙමෙයි.

"මොකද යකෝ මැරෙන්න හදන්නෙ? දෙන්න තමයි ගෙනාවෙ මේක, කන්න නෙමෙයි... කොල්ලො, ඔන්න අල්ලගනින් මේක" කියන ගමන් කසුනා අතේ තිබ්බ බෝලෙ පොඩි උන් සෙට් එකේ හිටපු හය වසරෙ වගේ කොල්ලෙක් දිහාවට විසික් කරා. ඌ බෝලෙ වට්ටගන්නෙ නැතුව කැච් කරගත්තෙ අනූ නමයයි දශම නමයෙන්.

"මන් පටන් ගන්නවා එහෙනම්" සෙවනගල ගහපු හැළි වදුරො ටිකක් වගේ මගෙ පිටිපස්සට වෙලා බකන් නිලාගෙන් හිටපු අපේ ටීම් එකේ උන්ට එහෙම කියලා මම ඉස්සරහට ආවෙ පොඩි උන් ටිකගෙ බෝක්කු කටවල් ටික වහන්න හයියෙන් අප්පුඩියකුත් ගහන ගමන්.

"හරි... දැන් මෙතන ඉන්න හැමෝම දන්නවද අද මොකක්ද මෙතන වෙන්න යන්නෙ කියලා??" මගේ ප්‍රශ්නෙත් එක්කම සමරුන්ගෙ මූනෙ මම උද්‍යෝගිමත් කමක් දැක්කත්, සමහරුන්ගෙ මූනෙ මම දැක්කෙ 'උබ මෙතන මොකක් කරත් අපිට මොකද' වගේ බැල්මක්.

මාස ගානක් තිස්සෙ අපෙ ස්පෝර්ට්ස් ක්ලබ් එකෙන් කරන් ගියපු සමාජ සේවාවක් තමයි එක එක පාසල්වල ක්‍රීඩාවලට දක්ශ දරුවන්ට ඒ ඒ ක්‍රීඩාවල මුල්ම අඩිතාලම හදලා දෙන එක සහ ඒ ඒ ක්‍රීඩා ගැන උගන්නන එක. එදත් අපි කට්ට අව්වෙ කර වෙවී, පොඩි උන් ටිකකුත් වට කරගෙන ගෙවන ගමන් හිටියෙ සංසාරයේ ගෙවා දැමිය යුතු කරුම පොඩි උන්ට කෝචින් කිරීම ලෙසින්ද පැමිණිය හැකිය කියලා මට කියලා දුන්න ඒ වැඩසටහනෙ තවත් දවසක්.

"පේන විදිහට හැමෝම දන්නෙ නෑ, කෝකටත් කලින් මම ඒක පැහැදිලි කරලා ඉන්නම් එහෙනම්... අද අපි ඔයාලගෙ ඉස්කෝලෙත් එක්ක ජොයින් වෙලා මේ ඕගනයිස් කරලා තියෙන්නෙ beginner friendly rugby training camp එකක්. ඒ කිව්වෙ තේරෙන සින්හලෙන් කිව්වොත් රග්බි ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට පවා ඒ ගැන බේසික් නොලේජ් එක සහ ට්‍රේනින් එක ගන්න පුලුවන් එක් දින කදවුරක්... රග්බි නැත්තම් රගර් කියන සෙල්ලම සෙල්ලන් කරන්න කැමති ඕනම කෙනෙක්ට ඕන මුල්ම අඩිතාලම අපි අද මෙතනින් හදලා දෙනවා" මගේ වචන ටිකත් එක්ක, එතන තිබුනු ගොඩක් මූහුණු අලුත් දෙයක් ඉගෙනගන්න ආසාවකින් පිරෙන විදිහ මම දැක්කා.

THUHINA WAHI | ɴᴏɴ ꜰɪcWhere stories live. Discover now