තුහින වැහි | FROSTY RAINS ❄
"අයාන් ඔයත් මාත් එක්ක යමුද? මන් ගෙදරින් දාගෙන යන්නම්... කොහොමත් මම යන්න ඕනෙ අයාන්ලගෙ ගෙවල් පැත්තෙන් නෙ" මගේ ප්‍රශ්ණයත් එක්කම අයාන්ගෙ ඇස් අමුතු ලස්සනකින් පිරිලා ගියේ, මෘදු හිනාවක් එයාගෙ දෙතොල් කෙළවර ඇදෙන්නත් කලින්.
"හරි, යන්" කිසිම පැකිළීමක් නැතුව අයාන් එක පයින්ම හා කිව්ව විදිහට මට හිනත් ගියා.
"ඕයි මල්ලි, මම උබගෙ අම්මටත් කිව්වා ගේ ගාවට ගෙනත් දාන්නම් කියලා... අපි ගිහින් දාන්නම්" ආදි මැද්දෙන් පැනලා කිව්වෙ මගේ ප්ලෑනට දාර බාල්දියක් පෙරලන ගමන්, අම්මපා මේ ගොබිලයටත් කට වහන් ඉන්න බෑනෙ.
"ඕන්නෑ අයියෙ තෙහාන් කොහොමත් යන හින්දා එයා එක්ක යන්නම්, උබල්ටත් මහන්සීනෙ දැන්"
"ඒත් බන් මම උබලගෙ අම්මට බොරු කාරයා වෙනවා නෙ"
"පිස්සුද අයියෙ, කොහොමහරි මම ගෙදරට යන එකනෙ වෙන්න ඕනෙ, කොහොම ගියත් වැඩේ වෙනවා නෙ"
ඒත් එක්කම යුගාන් ආයෙ කතාවට එන්ටර් උනා.
"ඒක නම් ශුවර් කරන්න බෑ කොල්ලො, මූ උබව සිහි නැති කරලා කොහෙ හරි ගෙනිහින් අවයව ටික ගලෝගන්න බැරි නෑ. මූට එක වෙලාවකට ඒ වගේ සයිකො හැගීම් ඇවිස්සෙනවා" නොදකින්, අයාන් ඉස්සරහා හදපු සිරිමත් ප්‍රතිරූපෙ කන්නමනෙ මේ තිරිසනා බලන්නෙ, මුගෙ ආච්චිට හාල් ගරන්න. සිරාවට ආච්චි දවසක වලෙන් නැගිටලා එනවා මන් ඒ මනුස්සයව මතක් කරන මතක් කිරිල්ලට.
"මන් කියන්නෙ නෑ ඉතින් උබට අවයව ගැලවිල්ල ගැන"
"හරි හරි, දැන් කියපන්කො එහෙනම් දෙන්නා බයික් එකේද යන්නෙ" යුගාන් මගෙන් අහද්දි මම අයාන් දිහා බලාගත්තා.
"අයාන්ම දෙන්න උත්තරයක්"
"ඕහ් ඕහ්"
"එහෙනම් පරිස්සමෙන් පලයන් හොදේ දෙන්නා එක්කම, දෙන්නා එක්ක යන එකත් හොදයි තනියම යනවට වඩා... උබට නිදිමතක් එන එකක් නෑ" ආදි එහෙම කියද්දි මාත් ඔලුව උඩ පහළ ගෙනිච්චෙ 'ඒකනෙ' කියන්න වගේ.
"එහෙනම් අපිත් කැපුනා කොල්ලො" ඉදගෙන හිටපු තැනින් නැගිටින ගමන් මම ආදිටයි යුගාන්ටයි කිව්වෙ ටී ශර්ට් එකත් හදාගන්න ගමන්. ඒත් එක්කම ආයානුත් සෝෆා එකෙන් නැගිට්ටා.
YOU ARE READING
THUHINA WAHI | ɴᴏɴ ꜰɪc
Non-Fiction"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ...