තුහින වැහි | FROSTY RAINS ❄
"එන්නෙ නැද්ද බන් ඌ දැන්මම?"
මම ක්ලබ් බිල්ඩින් එකේ වැරැන්ඩාවෙ පඩිපෙළට වෙලා පිට්ටනියෙ එහා කොණට වෙන්න තියෙන එන්ට්රන්ස් ගේට් එක දිහා බලාගෙන හිටියෙ අයාන්ව අපේක්ශාවෙන්. විහගයත් මගෙ කරට අතක් දාගෙන ඇගට බර වෙලා මගෙ එහාපැත්තෙන් හිටියා කූඩැල්ලා වගේ.
"අයියෝ හුත්තො දැන් උබ ඕක අහන්නෙ කී වෙනි පාරටද? එයි බන් එයි ටිකක් ඉදපන්" මම මළ පැනලා කිව්වෙ අත දිග ඇරලා මුගෙ කනට එකක් ගහගන්න බැරි කමට. ඇයි යකෝ හිටන් හිටියෙත් විනාඩි පහළවක් විතර, ඒකෙත් විනාඩියෙන් විනාඩියට මූ මගෙන් අහනවා දැන් එන්නෙ නැද්ද දැන් එන්නෙ නැද්ද කියලා නිකන් හරියට මට අනාගතේ පේනවා වගේ. ඊටහපන් මුගෙ කන් කරච්චලේ, ඒ ටික වෙලාවට කියෝපු කියවිල්ලට මගේ දකුණු කනේ පොට ගිහින් තිබ්බෙ.
"ප්රශ්නයක්නෙ පගෝ ඇහුවෙ ඇයි පුප්පන්නෙ"
"උබ ඔය ප්රශ්නෙ අහලා අහලම මගෙ කණ රිදෙනවා, විනාඩියකට... එක විනාඩියකට කට වහන් ඉන්න බැරිද උබට"
"කකුලුත් රිදෙනවා ඕයි" ඩයල් එක කිවෙ මූණත් හතරක් කරගෙන.
"ඉතින් යකෝ පලයන් ඇතුලට, දැන් කී සැරයක් කිව්වද. මන් ඌවත් එක්කන්ම එන්නම්, උබ පලයන්"
"උබව මේ තනිපංගලමෙ එහෙම දාලා යන්න මට දුකයි බන්" ඩයල් එක කිව්වෙ මූණත් අමුතු තාලෙක ජෝකර් ටයිප් එකකට හදාගෙන.
ඌ කියනවත් එක්ක මම එහෙම්මම මගේ ඔලුව හරෝලා කටත් එහෙක් කරගෙන උගෙ මූණ දිහා බලලා ඌට දුන්නෙ මොකාද මේ අඩු මාසෙන් ඉපදිච්ච එකා වගේ මහ පජාත බැලමක්.
"අසහනෙද තොට, පලයන් අහකට මහෙ උරහිස් දෙක ගලවන්නෙ නැතුව" කියලා මම උරහිස ගසලා දැම්මෙ උරහිසේ කූඩැල්ලා වගේ එල්ලිලා ඉන්න මේ පරපෝශිතයව එහාට කරන්න.
"ඔව් ඔව් එළෝපන් එළෝපන්. හිතක් පපුවක් නැති සම්තෙක් වෙන්නෙපා යකෝ, මේ බැලුවත් වසී වෙන අහිංසක ඇස් දිහා බලන්ද උබ මාව මේ එළවන්නෙ" මූත් කට ඇරියට පස්සෙ හරියට වික්ටෝරියා වෙල්ල වාන් දැම්මා වගේ, ගොනා වගේ කටට එන ඔක්කොම හලලා දානවා කිසිම අදාලත්වයක් නැති විදිහට.
![](https://img.wattpad.com/cover/366395522-288-k23938.jpg)
YOU ARE READING
THUHINA WAHI | ɴᴏɴ ꜰɪc
Non-Fiction"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ...