තුහින වැහි | FROSTY RAINS ❄
නිකිලුයි මායි අපේ ගෙදරින් පිටත් වෙද්දි වෙලාව උදේ නමයට කිට්ටු වෙලා තිබ්බා. පාස්පෝට් ඔෆිස් එක පාරෙන් කෙලින්ම ඇවිත් මේන් රෝඩ් එකට දාලා ඊටපස්සෙ බත්තරමුල්ල, රාජගිරිය, ශ්රී ජයවර්ධපුර මාවත පහු කරලා අපි කෙලින්ම ආවෙ අපේ ක්ලබ් එකට. මොකද ඉවෙන්ට් එකේ කේටරින් වැඩ වලට කොච්වර මුදලක් වෙන් කරන්න පුලුවන්ද කියලා ක්ලබ් එකේ ෆයිනෑන්ස් ඩිපාට්මන්ට් එකෙන් අපිට කිසිම දැනුම් දීනක් කරලා තිබ්බෙ නෑ. ඔක්කොටම කලින් අපිට ඒක දැනගන්න ඕනෙ වෙලා තිබ්බා.
ක්ල්බ් එකේ කා පාක් එකෙන් බයික් එකත් දාලා පිට්ටනිය අයිනෙන් අපි ක්බල් එකේ බිල්ඩින් එක පැත්තට යන්න පටන් ගත්තා. Thaprobane rugby and football club කියලා ලොකු අකුරෙන් ගහලා තියෙන තඩි සයිස් බෝඩ් එක යටට වෙන්න තිබ්බ ඇතුල්වීමෙ දොරටුවෙන් අපි ක්ලබ් එක ඇතුලට ආවෙ රිසෙප්ශන් එකේ ඉන්න අක්කා දත් තිස් දෙකෙන් විසි දෙකක් විතර පෙන්නලා අපිට හිනාවක් දෙද්දි. එයාගෙ හිතේ ඇති මුළු දත් සැට් එකම පෙන්නලා හිනා වෙද්දි එයා හරි ලස්සනයි කියලා, එහෙන් මෙහෙන් පණුවො කාපු දත් දෙක තුනකුත් පේනවා.
"Good morning" මමත් ඉතින් වැදගත් විදිහට හැසිරෙන්න ඕනෙ නිසාම උණු උණු හිනාවක් එක්ක එහෙම කිව්වා.
"Good morning sir, Mr. Bathiya is waiting for you in his cabin"
මිස්ටර් භාතිය තමයි අපේ ක්ලබ් එකේ ෆයිනෑන්ස් මැනේජර්. තඩි සයිස් බඩකුත් තියෙන හයේ හතරෙ දඩාර සයිස් ඩයල් එකක්.
"Okay Thank you" කියලා නිකිලුයි මායි යන්න පටන් ගත්තෙ පඩිපෙල පැත්තට, මොකද ෆයිනෑන්ස් ඩිපාට්මන්ක් එක තිබ්බෙ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ කොණකට වෙන්න.
"කෝච්ට කිසි විස්තරයක් දීලා නැද්ද බන්, අඩුම කීයක්ද දෙන්න පුලුවන් කියලා කටින්වත් කියලා නැද්ද"
"නෑ බන්, අනිත් ඒවා කොහොමද දන්නෙ නෑ. කේටරින් ගැන නම් කියලා තිබ්බෙ නෑ"
"කෝචුත් අනේ මන්දා බන්, අපිටම ඔක්කොම කරගන්න දීලා ඉන්නවා" මේ වෙද්දි අපි පඩිපෙළ නැගලා උඩට යන ගමන් හිටියා.
අපේ ක්ලබ් එකේ ආර්කිටෙක්චර්ස් කරලා තිබ්බෙ එක්දාස්නමසිය ගනන් කාලෙ ලන්ඩන් වල තිබ්බ ගෘහ නිර්මාණ ශිල්පයක් එක්ක. ඉතින් මුළු ක්ලබ් බිල්ඩින් එකේම පොළොව හදලා තිබ්බෙ ලස්සන ලී වර්ගෙකින්. ඉතින් ඔය ලී පොළොව මත දිග අඩි තියලා අන්තිමට අපි ආවෙ ෆයිනෑන්ස් ඩිපාට්මන්ට් එකට. අදුරු වීදුරු වලින් හදපු දොරෙ මැදකට වෙන්න තිබ්බ ලේබල් එකක finance department කියලා තද කලු අකුරෙන් ගහලා තිබ්බා.

YOU ARE READING
THUHINA WAHI | ɴᴏɴ ꜰɪc
Non-Fiction"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ...