තුහින වැහි | FROSTY RAIRNS ❄
ආදිගෙ පිටිපස්සෙන් හිටපු කෙනාව මගෙ ඇස්වල ගැටෙනවත් එක්කම මගෙ හිතට මොනවා දැනුනද කියලා වටහගන්න මට පුලුවන් උනේ නෑ. ලස්සන දිග ඇහි පිටාටු වලට මැදි වෙච්ච දිස්නෙ ගහන ඇස් දෙකක් අස්සෙ මගෙ හිත නතර උනා.
අකීකරු දුඹුරු පාටට හුරු කළු කොන්ඩෙ, බෝල ඇස්, හීනි ලා රෝස තොල් මගෙ ඇස්වල ගැටෙද්දි හිත අස්සෙ බර ගතියක් එක්ක මොකක්දෝ අමුතුම හුරු පුරුදු කමක් මට දැනෙන්න පටන් ගත්තා. මට තේරුනා මොහොතකට අපේ ඇස් යා වෙනවා, මට දිගින් දිගටම දැනුනෙ ඒ අහිංසක ඇස් මට මොනාදෝ කියන්න හදනවා කියලයි.
මුලු අවට පරිසරයම මගෙ අවධානයෙන් ගිලිහිලා ගියේ කියාගන්න බැරි හෑගිම් වලින් පිරුනු ලෝකයක් අස්සෙ ඒ ඇස් දෙකයි මගෙ හිතයි තනි වෙද්දි.
හීනි දෙතොල් හැඩ කලා මන් දිහාවට සියුමැලි හිනාවක් දුන්න මේ ආගන්තුකයා ඒ කෝපි පාට ඇස් මගෙ ඇස්වලින් එහාට ගත්තෙ මගෙ හිත අමුතුම ලෝබ කමකින් පිරිලා යද්දි. ඒ ඇස් දිහා දවසම බලන් ඉන්න තිබ්බා නම් කියලා මගෙ හිත මටම කෑ ගගහා කිව්වා.
මේ ඔක්කොම හැගීම් අස්සෙන් තදටම හිතට දැනෙන අමුතුම හුරු පුරුදුකම මොකක්ද කියලා හිතාගන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ.
"අයියත් ටිකකින් එයි නෙ, තුනට වගේ යමු නේද සුදූ අපි"
මගෙ අවදානෙ පියවි සිහියට ආවෙ ආදිගෙ කටහටත් එක්කමයි.
අනේ ආච්චිට හික්කඩු යන්න මේ මගුලෙ හිත මටමවත් කීකරු නෑනෙ රෙද්ද. ඒත් ඉතින් පළවෙනි සයිට් එකෙන්ම හිත මෙච්චර පිස්සු නටන්න ගන්න තරම් මෙතන මොකක්මහරි තියෙන්න ඕනෙ නෙ.
සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී කියලා නිව්ටන් අයියත් කිව්වෙ කට කහනවට ඈ.
"okay baby"
"අයාන්, මේ ඉන්නෙ තෙහාන්... සුදූගෙ best friend කෙනෙක්" ආදි අයාන්ට මාව ඉන්ට්‍රඩියුස් කරලා දුන්නෙ සාලෙට අඩිය තියනවත් එක්කමයි.
"Nice to meet you මචන්" මම වචන ටික පටලෝගන්නෙ නැතුව කියලා දැම්මෙ පුදුම අමාරුවෙන්.
YOU ARE READING
THUHINA WAHI | ɴᴏɴ ꜰɪc
Non-ficțiune"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ...