1 කොටස..

1.3K 49 20
                                    

*ඩෝන්න්න්න්න්...*

බුදාම්මෝඕඕඕ..
සදුනිගෙ අතට kiss එකක් දීලා ඔයා මගෙ වෙනවද හැම ආත්මෙකම කියලා අහන කොටම බෝම්බයක් පුපුරණ සද්දෙ ඇහුන නිසා පුප උඩ දාන් බුදියන් හිටපු මමත් ඇහැරුනා..

බෑ බෑ තවත් මේක කරන්න බෑ..මේක යස මගුලක් උනානෙ..රොටටම ආපු ca|රි අවෘරුදු ඉවරයි yakowww...මේ එහා ගෙදර පොඩි පගයට ඔව්වා තේරෙන්නැනේ..පාඩුවෙ නිදාගෙන හීනෙකින්වත් වෙන්නෙ නැති දෙයක් හීනෙන් වත් දකින්න දෙන්නෙ නැති පාපතර හැම්ත..ඉදුකො අද මෙකෙ දෙකෙන් එකක් විසදගන්නොනෙ..මන් දැක්කා ඒකගෙ තාත්තන්ඩියා රතිඤ්ඤා මල්ලක්ම උස්සන් යනවා..
එහෙමයි කියලා අවුරුදු ඉවර උනාමත් ඒව්වා දාන්නෝනෙද අනේ..දානවා නඩු ගිහිල්ලා..නිදා ගන්නත් නෑ කියලා..😑

ඇදෙන් නැගිටපු මන් ඇකිලිලා තිබ්බ සුදු සෝටත් හදාගෙන පෙරේදද මන්දා ගලවලා දාපු හේදුවද කියලා මතක නැති කලු ටීසට් එකත් දාන් එලියට බැස්සෙ මේ විනුල් ගීත්ම විජේසූරිය කෞත කියලා පොඩි ගස් බම්ලට කියලා දෙන්න...

"අම්ම්ම්ම්..මගෙ මම්මි නම් කුස්සියේ වgay..ඉක්මනට යන්නොනෙ.."

කාබරෙ ඉදන් සාලෙට ආපු මන් ගැරඩියට භූමිතෙල් ගැහුවා වගෙ ඉක්මනට අපෙ ගේයි අර එහා ගෙදර උන්ගෙ ගේයි වෙන් වෙන තරමක් විසාල තාප්පෙ ලගට ආවා..

"චෑහ්..මේක උසයිනේ..ම්ම්ම්ම්"

තාප්පෙ උස නිසා එහා වත්තට එබෙන්න බැරි නිසා මන් වට පිට බැලුවෙ මොකක් හරි හම්බෙයිද කියලා..
ආහ් අන්න භාන්ඩෙ..
මාගෙ මෑණියන් වූ ශ්වේතා රංජනී පොල් වනා තිබූ පුටුව දැකපු මන් ඒකෙ තිබ්බ පොල් ටික පොලෝ රාජ්‍යාට භාර දීලා පුටුව උස්සන් තාප්පෙ ලගින් තිබ්බා...

*ඩෝන්න්න්න්න්න්*

මුගෙ හැල්මොනීට රයිස් ගරන්න..යකොව්ව්..මේක හරි wottac උනානෙ...

ඉදුකො ඕකට මන්..මම අර meme වල ඉන්න චීම්ස් වගෙ අත් දෙකත් ඉනට තියන් එහා පැත්තෙ රතිඤ්ඤා පත්‍තු කර කර හිටපු හත වසරෙ පොඩි පගයට කතා කරන්න කට හදා ගත්තා...

"ඒයී මල්ලේ...මල්ලේ.....මෙහෙ වරෙංකො ඩිංගිත්තකට.."

පොඩි පගයා කතා නැතුවම අතේ තිබ්බ රතිඤ්ඤා කරලත් අරන්ම තාප්පෙ ලගට ආවා..

❤️||His Little Idiot||❤️ [BL✅]Where stories live. Discover now