14 කොටස

422 34 2
                                    


"අම්මේහ්හ්...අම්මේහ්හ්..."

ගෙට ගොඩ වෙනකොටම වෙනදා පුරුද්දට අම්මට බෙරිහන් දුන්න මන් දිහා මුන් තුන් දෙනාම මේ මොන පිස්සෙක්ද වගේ ලුක් එකකින් බලන් ඉදියා..
එව්වා ගණන් නොගෙන මන් සපත්තු දෙක ගලෝලා අත් දෙකට අරන් ඔක්කොටොම ගස්සන් අම්මා හොයන්න ගියා..

"මොකද කෑගහන්නෙ..මේ ගෙදර නෙවේ විනූ"

මන් කුස්සියට එනකොටම අම්මා පිටිපස්සෙ දොරෙන් කුස්සියට ආවා..ආ එලියෙ ඉන්න ඇත්තේ..

"ආ පුතාලා ආවද?"
ගයානි ඇන්ටිත් ඒ එක්කම ඇතුලට ආවා..

"ඔව්නේ..ඔයාලා මොකද කරේ?"

"මල් පැල ටිකක් තිබ්බා..අපි ඒ ටික හරිගැස්සුවා විනූ"

"මේ සැරේ ඔන්න අර රෝස පැලේ හැදුනෙ නැති උනොත් ආයෙම නම් ගේන්නෑ මන් මල්"

"හැදෙයි හැදෙයි නංගි...මගෙ අත්ගුණේ හොදයිනෙ"

"මල් වලින් තොර ලෝකයක් නෑනේත අනෙව් ඔයාලට"

එව්ව්ව්ව්..මේ දෙන්නා මේ මලක් හිටුවලා අනේ..මන් ඒම කියාගෙන කුස්සියෙ තිබ්බ පුටුවකින් ඉදගත්තා..
ම්ම්ම්...මට මොකුත් අසාධාරණකම් උනාත මේ ගමනෙදී..එහෙම උනානම් එව්වා වැඩිහිටි උදවිය දැනගන්න එපැයි..
ආආඅ අර නැට්ටිච්චි ගැන කියන්නෝනේ...

"මේ අම්මේ..ඇන්ටි..දෙන්නම අහන්නකෝ"

"ඕ කියන්න ඉතින්"

"මොකක්ද ඒ පාර ආ..ගිහිල්ලා වොශ් එකක් දාන් එනවා"

ගයානි ඇන්ටි කියන්න කියනකොට අපෙ ස්වේතා මැණික කේස් දානවනේ..අඤේ මේ ඔව්වා කර ගත්තෑකී..ඊටකලින් කේලම්. ටික කියලා හොද නම ගන්නෙපැයී😌..

"ඉන්ඩකො අනේ ඔයා..මේ අහන්නකෝ ඉතින්..අර සවීනා එහෙම මට ආසා නෑ වගේ ඇන්ටි"

සවීනා මට ආස නැති උනත් ආස උනත් මටේකෙන් වැඩක් නෑ..ඒත් අනේ මන් මෙතන හොද නම ගන්නෝනෙනෙ..ඒ නිසා ඒ ගෑණි එහෙම හැසිරෙන එක පාවා දීලා මන් ඒ ගැන දුක් වෙනවයි කියලා පෙන්නන්න මට ඕන උණා..ඒ නිසා මන් මට පුලුවන් උප.....රීඊඊඊම අහිංසක මූණ මේ වෙලාවෙ හදාගෙන ඉන්නෙ..

"ඒ මොකද විනූ බබා එහෙම කියන්නෙ?"

"එලෙස කෙලෙස තමා අනේ මාද නොදන්නේ..ඒත් අනේ එයා මාව දැක්ක තැන පුප්පනවා..අදමයි ඉතින් හම්බුනෙත්...ඒත් අනෙ ඒවෙලෙ ඉදන් මට රවනයි පුප්පනවයී..වැඩිය කතාත් නෑ..කෙවින් නම් කතා කරනවා..එයා නම් අවුලක් නෑ..හරී ඒ දෙන්නම එපායි කියමු...ඒත් අනේ ශෙවෝන්..ඇන්ටි අවුල් ගන්නෙපා හරිද ඇන්ටි..මන් මෙව්වා කිව්වට කමක් නැද්ද?"

❤️||His Little Idiot||❤️ [BL✅]Where stories live. Discover now