🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...........
.
.
.
.
.
.",ඉව්වෙනම් නෑ ලොකූ.........මට නින්ද ගියානේ......"
මේ සෙනසුරාදා උදෑසනයි ...ශාන් වැඩට යන්නට සූදානම් වී පහලට එද්දීම නින්දෙන් අවදිවූ සෙලීනා මහ විශාල ඈනුමකුත් අරිමින් එලෙසින් කියද්දී ශාන් සිනාසුනේය .... සිනාසෙනවා හැරෙන්නට වෙන කුමක් කරන්නද...... හදවතට දැනෙන වේදනාව වචන වලින් පිට කරන්නට ශාන් තවමත් කැමැත්තක් නැත.....
ඉතින් පෙරදින රාත්රියේ නිවසේ සියලුම දෙනාට කඩෙන් ආහාර ගෙනැවිත් මිතුරියන් සමග කාඩ් සෙල්ලම් කරන්නට ගිය ඇය යළිත් නිවසට එන විට මධ්යම රාත්රියත් පසුවී තිබෙද්දී සිනාසෙනවා හැරෙන්නට කුමක් සිදු කරන්නද...
ඒත් ඉතින් වැඩට යන්නට පෙර වතුර එකක් හරි බොන්නට යැයි හිතාගෙන මුළුතැන්ගේ තුළට යද්දී මෙයී ශාන්ගේ කෑම පෙට්ටිය සූදානම් කරමින් සිටින ආකාරය දෙදෙනාම දුටුවේය.....මේ දේවල් ශාන්ගේ හදවතට බර වැඩි වුණත් ඔහු තවමත් දරාගෙන සිටින්නේය....
" good morning ලොකූ........ සඳුදා ඉදලා එක්සෑම් පටන් ගන්න හින්දා මම පාන්දර පාඩම් කරන්න නැගිට්ටා.......මමා නිදි නිසා මම ඔයාට කෑම හැදුවා......."
,සෙලීනා නම් ඉතින් මේ කතා ගණනකට ගන්නේ නැතිව එහෙන්මම මුළුතැන්ගේ පැත්තේ දොර විවෘත කරද්දී කෑම පෙට්ටිය අතට ගත් ශාන් තම සහෝදරියගේ හිස අත ගෑවේය...... මේ නිවසේ ශාන්ගේ හැඟීම් තේරුම් ගන්නට හැකි එකම සාමාජිකයා ඇය බව ශාන් තේරුම් ගත්තේ මීට වසර ගණනාවකට පෙර සිටයි....
" තෑන්ක්ස් චූටි....... ඒත් ඔයා අපරාදෙනේ මහන්සි වුණේ........"
" ඒකිට මොන මහන්සියක්ද..... ආය හැමදාම උයනවයෑ......."
YOU ARE READING
🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ ....
Fanfiction❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ...