🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.............
Manakalie ඉතින් හුඟ දවසකට පස්සේ ආපහු ලස්සන තෑග්ගක් අරගෙන ඇවිත්....ආදරෙයි නංගෝ......❤💚💛
.
.
.
.
." මෙච්චර රෑවුනේ මොකද පුතේ........"
" ඉතින් මම කිව්වෙ හය වෙනකල් වැඩ කියලා ......"
" දැන් ඉතින් හතටත් කිට්ටුයිනේ.....'"
" හරි ඉතින් වැඩ පොඩ්ඩක් වැඩිවුනා........ "
අතුරු පාරෙන් ඉක්මනින් ආවත් මඟක් එනවිට වෙරෝනිකා දුන් බඩු ලිස්ට් එක සිහිවූ නිසාම යීබෝ යලිත් නගරයට ගොස් අවශ්‍ය දේවල් රැගෙන නිවසට එද්දී මදක් ප්‍රමාද වී තිබුනි........
" මං බඩු ටික අස්කර ගන්නම්......යන්නකො ඇදුමක් මාරුකරගෙන ඉන්න....... මේ දැන් තමයි බලෙන්ම නියෝ පුතාවත් වොෂ් එකක් දාගන්න කියලා ගෙදර යැව්වේ......."
කුඩා කඩය තුළට ඇතුළු වූ සැණින් එළවළු බෑගය අස් කරන්නට සූදානම් වන යීබෝව නතර කල වෙරෝනිකා එම රාජකාරිය ආරම්භ කරමින් එලෙසින් කියද්දී කඩයෙන් පිටත තිබෙන ටේබල් දෙසත් බැලූ යීබෝ සියලු දෙනාම ආහාර ගනිමින් සිටින බව දුටු නිසා ඉක්මනින් ඇඳුමක් මාරු කරගෙන එන්නට නිවස තුළට ගියේය.....
Rochor රෝඩ් එකෙන් එනකොට යන්නෙත් අර පැත්තෙන් එනකොට යන වෙලාවම තමා...... හෙට ඉඳලා බස් වල තෙරපෙන්නත් වෙන්නේ නැති නිසා එයා එක්කම එළවළු කඩේට ගිහිල්ලා එළවළු අරගෙන එයාවත් බස්සගෙන එනවා......ඔව් ඔව්.....එයා ගොඩක් රෑ වෙනකල් වැඩ නැත්තං අනිවාර්යෙන්ම එයාව එතනින් දාන්නේ මම.....එයා මගේ පිටිපස්සෙන් වාඩිවෙලා එනකොට හරි ශෝක් අප්පා..... දැන් මං කියන ඒවට හයියෙන් හිනා වෙන්නත් පටන් අරගෙන...... එයා හිනාවෙනකොට මගේ හිතට මාර සතුටුයි.....මමා හිනාවෙනකොට විතරක් සතුටු වුන මට ඔන්න දැන් තව කෙනෙක් හිනාවෙනකොට සතුටු වෙන්න පුළුවන් වෙලා........ආ........මමා එයාගෙ ඇදුම හෝදලා......නෑ නෑ මේවා ගිහින් දෙන්න ඕනේ නෑ.....ඊළඟ දවසක ආපුවහම අතටම දෙනවා.....ඇයි ඉතින් ගෙන්න ගන්නත් ක්‍රමයක් තියෙන්න එපැයි ආපහු........
YOU ARE READING
🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ ....
Fanfictie❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ...