05... පස්වෙනි කතාංගය....🌾

1.4K 355 276
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..............

Manakalie ආදරණීය නංගාගෙන් අදත් ලස්සන කවර් පික්චර් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගාගෙන් අදත් ලස්සන කවර් පික්චර් එකක් ........ආදරෙයි ඉතින්....❤💚💛

.
.
.
.
.

ඉතින් ශාන් සිතූ පරිද්දෙන්ම  විනාඩි දහයක් යන්නටත් මත්තෙන් මනමාල සිනහවක් සමගින් ශැන්ග්  කාර්යාලය තුළට පැමිණි අතර තවමත් තමන්ගේ අසුනේ වාඩිවී සිටින ශාන්ව දුටු සැණින් ඒ සිනහව අතුරුදහන් වී ගියේය....... ශැන්ග් හට දැන් ශාන් හට හොඳ කුණුහරුප දෙකක් කියා බැන වදින්නට අවශ්‍යතාවය තිබුණත් ඊටත් පෙර කාර්යාලයේ දොරට තට්ටු කරගෙන අලුත් සේවකයා ඇතුලට ආවේය.......

" ඔව්........මං එන්න කිව්වෙ මේ මගේ වැඩකුත් තියෙනවා ඒක ඔයාට බාරදෙන්න ....."

කෝපය පිරුණු බැල්මක් ෂාන් වෙතට හෙළමින්ම ආයතන ප්‍රධානියා ඔහුගේ අසනෙන් වාඩිවෙන අතර තමන් ඉදිරියේ හිටගෙන සිටින අලුත් සේවකයාට පැවසුවේය....... උදෑසන ආහාරය ලබාගන්නට නොගොස් තව ටිකක් ප්‍රමාද වීම පිළිබඳව යට හිතෙන් සතුටු වෙන අතරම ඔවුන්ගේ කතා බහට ඇහුම්කන් දෙන බවක් නොපෙන්වමින් ෂාන් ඔහුගේ රාජකාරිවල නිරත වී සිටියාට ඉතින් ඒ කතා බස් හරි අපූරුවට ඔහුගේ සවනත වැකෙන්නේය....

" කියන්න සර්........"

දැන් යිබෝ එලෙසින් කියද්දී ශාන් දස අතේ කල්පනා කරන්නේ ඔහුට කරගන්නට තිබෙන රාජකාරිය කුමක්දැයි කියාය......

" අද ඉදන් උදේ අටයි දහයට වගේම හවස තුනයි හතලිහට මගේ කොෆී එක හදන්න ඕන ඔයා.......ඕකේ......හදන විදිහ මිස්ටර් ශාන් ගෙන් අහගන්න......"

,ශාන්  කරමින් සිටි රාජකාරියත් නතර කර හිස ඔසවා බලද්දී දැන් දෙදෙනාම බලාගෙන සිටින්නේ තමන් දෙස බව දුටුවේය...... වෙන කරන්නට දෙයක් නැති නිසා ඔහු අලුත් සේවකයා දෙස බලා හා යැයි හිස සැලුවේය ...........

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ ....Where stories live. Discover now