29.... විසි නවවෙනි කතාංගය .......🌾

1.5K 352 346
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.........

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.

යීබෝගේ සැලසුම් වලට අනුගත වෙමින්ම ආයතනයෙන් කෙලින්ම යීබෝගේ නිවසටත් එතැනින් රාත්‍රී නවයට පමණ යළිත් එපාත්මන්ට් එකටත් ලෙසින් දින තුනක් ගත වී ගියේය.......

" බෝදි ..... මෙයි අද ආෆ්ටර් ස්කූල් ඉන්නවලු.......අපි දෙන්න හතරයි හතළිස්පහට විතර ඕෆ් වෙලා යමුද......."

පැකින් එක පැත්තේ සිට කාර්යාලය ඉදිරියට පැමිණි ශාන්  යීබෝ  අසලට ගොස් කියද්දී  ඉතින් යීබෝගේ මුහුණෙන් එකක් සිනහව දැක ගන්නට හැකි වුණේය......

" අපේ පැත්ත පහු කරලා යන පාරේ යන්න පුළුවන්නේ......මං මමාට කියන්නම් එයාට ගෙනියන්න මොනවා හරි හදන්න කියලා....."

ශාන්  විරුද්ධ වෙන්නටත් පෙරාතුව යීබෝ  වෙරෝනිකාට  දුරකථන ඇමතුමක් ලබා දී හතරයි හතළිස් පහ වන විට මෙයිට රැගෙන යන්නට මොනවා හෝ සූදානම් කරන්න යැයි පවසා අවසානයේ

" මමා රසට මොනවා හරි හදන්න , මම නෑනව බලන්න යන පළවෙනි වතාව....."

යනුවෙන්  ශාන් විතර මනමාල බැල්මක් හෙලන අතරම පැවසුවේය......දෙදෙනාගේ මේ කෝලම් දකින්නට ඉතින් මේ මොහොතේ අසුනේ ජූලි සිටියේ නැත......ඇය කුමක් හෝ රාජකාරියක් සඳහා ට්‍රාන්ස්පෝට් ශෙක්ෂන් එක වෙතට  ගොස් සිටි අතර දෙදෙනාගේ සම්බන්ධය ඉතින් ඇයට සහ යෙන්ෂිට රහසක්ද නොවන්නේය......

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ ....Where stories live. Discover now