06... හයවෙනි කතාංගය ....🌾

1.3K 351 197
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...........

.
.
.
.
.

" good morning ශාන් ......හදිසි ඕඩර් තුනක් එක ලඟ එනවා........දැන් හෙඩ්  ඔෆිස් එකෙන් මේල් එක ආවේ......"

මේ සිකුරාදා උදෑසනයි..... ආයතනයට ඇතුල් වී සිව්වැනි මහලට පැමිණි සැණින් ජූලි කලබලයෙන් මෙන් එලෙසින් කියද්දී ශාන්ගේත් නලල රැලි වුනේය ........ එක් ඇනවුමක් අවසන් කරගන්නටත් 18 පාලිය නටන්නට සිදුවෙද්දී  එක ළඟ ඇනවුම් තුනක් ලැබීම ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් ඇත්තේම නැත.......

" first shipping එක කවද්ද......."

කාර්යාලයේ යතුර අතට ගන්නා ගමන් ශාන් එලෙසින් ඇසුවේ  තවමත් හිස් වී ඇති ජූලිගේ අසුනට අනෙක් පස අසුන දෙසත් එක් වරක් බලන අතරයි.......

" සඳුදා,  බදාදා , සිකුරාදා ඔන්න ඩේට්ස් ටික........මෙන්න ස්ටොක් රිපෝට්ස්......."

උදෑසනින්ම ප්‍රධාන කාර්යාලයෙන් ලැබී තිබුණු මේල් එකේ කොපියක් රැගෙන ජූලි එය ශාන්  අත තැබුවේය   ......

" good morning  සර්.......good morning මිස් ජූලි......."

ඇනවුම පිළිබඳව තොරතුරු සාකච්ඡා කරමින් සිටියදීම එතැනට පැමිණි යීබෝ  දෙදෙනාටම හිසනවා ආචාර කරමින් ඔහුගේ අසුන මතින් වාඩි වුණේ හති අරින අතරයි.

" මොකෝ යීබෝ ........."

වෙහෙසකාරී පෙනුමක් තිබෙන ඔහු දෙස බලාගෙන ජූලි අසද්දී ඇත්තෙන්ම ඒ පිළිබඳව දැන ගැනීමේ වුවමනාව නිසාම කාර්යාලයට යන්නට හැකියාවක් තිබුණත් ෂාන් එතැන ලත වුණේය....

" රවුන්ද බවුඩ් එක ලඟදි බයික් එක කැඩුනා.......එතන ඉඳලම තල්ලු කරගෙන ආවේ....."

බර හුස්මක් පිට කරමින් ඔහු එලෙසින් කියද්දී ශාන්  නිහඬවම ගොස් කාර්යාලයේ දොරටුව විවෘත කලේය .....පසුව කාර්‍යාලය තුලට ගිය ඔහු තත්පරයක්වත් රැඳෙන්නෙ නැතිව එහෙන්මම ජූලි ලබා දුන් ලබා රිපෝට් එකත් සමඟ පැකින් එකට යන්නට පිටත්වුනේය .......

තවම ඉතින් ආයතනයේ රාජකාරිවත් ආරම්භ කර තිබුණේ නැති අතර රාජකාරී ආරම්භ කරනතුරුවත් සිටින්නට නොහැකි තරමේ කලබලකාරී බවක් ශාන්ගේ හිතේ ඇත....... එක් ඇනවුමක් පමණක් සූදානම් කරන විට දී පවා කොයි තරම් කාර්යබහුල වනවාදැයි අත්දැකීමෙන් දන්නා ඔහු තත්පරයක්වත් අපතේ යවන්නේ නැතුව දැන් මේ සූදානම් වන්නේ සඳුදාට නැව් ගත කරන්නට මෙතැනින් පිටත් කළ යුතු පළවෙනි ස්ටොක් එකට සූදානම් වන්නටයි.......

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ ....Where stories live. Discover now