31.... තිස් එක්වෙනි කතාංගය ......🌾

1.4K 345 454
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️........

miky_826 ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

miky_826 ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ..........ආදරෙයිනේ .......❤💚💛

.
.
.
.
.

" මේ ඉන්නේ මගේ ලොකු පුතා......මෙයා ඔය බීච් රෝඩ් එක පැත්තේ යනවා එනවා කියලා ආරංචියක් ආවා........මාග්‍රට් නැන්දා මෙයාව කොහෙදි හරි දැක්කෙ එහෙම නැද්ද......"

සෙලීනා  පින්තූරය පැහැදිලිව පෙනෙන්නට ඇය දෙසට දුරකථනය අල්ලා ගන්නා ගමන් එලෙසින් අසද්දී  දුරකථනය දෙස සෑහෙන වෙලාවක් බලාගෙන සිටි මාග්‍රට්  ඇස් දෙකත් අමුතු කර සෙලීනා දෙස බැලුවේය........

**

........

",මාගරට් නැන්දා බීච් රෝඩ් එක පැත්තෙ යන එන කෙනෙක් ගැන නොදැන ඉන්න විදිහක් නෑනේ       "

මාග්‍රට් ගෙන් එක්වරම ප්‍රතිචාරයක් නොලැබෙද්දී ඇය යළිත් සිනහවක් සමග එලෙසින් පැවසුවේය.....සෙලීනාගේ  මුහුණ දෙස ටික වේලාවක් බලාගෙන සිටි ඇය බර හුස්මක් හෙලමින් තව ටිකක් ඇය අසලට ඇවිද ආවේය......

" බීච්  රෝඩ් එකට යන එන හැමෝම ගැන දැනගන්න මම ඒකට ඇතුළු වෙන තැන සිකුරුටි ගාඩ් නෙමෙයිනෙ බං.... තාම ඔය රූපෙ මගේ ඇහැට මුලිච්චි වෙලා නෑ......දැක්කොත් මං උඹට කියන්නම්......"

වෙරෝනිකාගේ දරුවාගේ සහ මේ පෙන්වූ දරුවා අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව ඇය දන්නා නිසාත්, වෙරෝනිකා මීට දින කිහිපයකට පෙර තමන් සමඟ ඒ දරුවාගේ ගුණ වර්ණනා කරපු නිසාත් , පවුලේ ප්‍රශ්න නිසාම පවුලෙන් ඈත් වී සිටින බව පැවසූ නිසාත් , සෙලීනාගේ කටේ තරම හොඳින් දන්නා නිසාත් මේ මොහොතේ ශාන් පිළිබඳව කිසිවක් නොපවසා සිටින්නට තීරණය කළේය.......

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ ....Where stories live. Discover now