" ඔහොම නවතිනව ජන්කුක්!"
පිටිපස්සෙන් ඇහුනු හුරුපුරුදු කටහඩත් එක්ක ජන්කුක්ගෙ ඇවිදින වේගෙ පොඩ්ඩක් අඩු උනත් එයා තාමත් නැවතුනේ නැ.
" ඇයි?...ඇයි මං නවතින්නෙ...තමුසෙට ඕනිනං නවතිනව මොට්ට පාක් ජිමින්..."
ජන්කුක් එයාගෙ පිටිපස්සෙන් එන එයාට වඩා සීනියර් බැජ් එකේ හිටිය හැන්ඩ්සම් පිරිමි ලමය නැත්තම් ජිමින්ට කෑ ගහලා කිව්ව.
" තමුසෙ මොනාද කරේ ජියෝන්...ආහ් තමුසෙ දන්නවද"
ජන්කුක්ගෙ ඉස්සරහට පැනලා එයාගෙ උරහිස් වලින් අල්ලල හොලවන ගමන් ජිමින් ගෙරෙව්ව.එයාගෙ හීනි ඇස් වල තරහටම කදුලු පිරිලා තිබ්බ.
" ඔව්...ඔව් මම මොනාද කෙරුවේ ජිමින් තමුසෙ ඔච්චර නැට්ට පාගගෙන දගලන්න තරම්."
ජන්කුක් එයාගෙ මූනට සෙන්ටි මීටර් දෙක තුනක් ඈතින් ඉන්න ජිමින්ගෙ කොනඩ කැරැල්ලක් ඇගිලි වලින් අඹරන ගමන් ඇහුව.
" තමුසෙ...ඒ විදියට රිජෙක්ට් කරේ මගෙ නංගි පාක් යුන්මී ව..."
ජිමින් ජන්කුක්ගෙ කම්මුල් ඇගිලි වලින් තද කරල අල්ලගන්න ගමන් එයාගෙ ලොකු ඩෝ ශේප් ඇස් වලට එබෙන ගමන් ගෙරෙව්ව.
" ම....ට කතාකරන්න දෙ..දෙනවා ජිමින්.."
ජන්කුක් පුලුවන් තරම් හයියෙන් ජිමින්ගෙ අතට ගහලා නිදහස් වෙන ගමන් එයාගෙ රතු වෙලා ජිමින්ගෙ ඇගිලි පාර හිටලා තියන කම්මුල් පිරිමැද්ද.
" හරි...හරි...මම තමුසෙට කතාකරන්න දෙනවා.හැබැයි ඔය චූටි කටෙන් මගෙ නංගිට කැමැති නෑ කියලා විතරක් කිය උනොත් මම තමුසෙව මරනව ජන්කුක්...."
_________________________________________
Bye ❤️❤️❤️❤️
YOU ARE READING
Flirt , Lust or LOVE [ Jikook ]
Hayran KurguFlirt : when you fall for someone's words Lust : when you fall for someone's beauty Love : when you fall for someone's soul