කලුවර කාමරයක් අස්සේ , කොනක තියෙන මලකඩ ගැහුනු යකඩ ඇඳක් උඩ එකම එක පුන්චි ජීවිතයක් පන අදින ගමන් උන්නා වගේම එකෙක් ඒ ජීවිතේ වෙනුවෙන් නොදකින දෙවියන් යදිමින් උන්නා....
කෙනෙකුගේ කලවේ දිගේ උකුම උකු ලේ වැලක් ගලාන ගියා... තදම තද රතුපාට ලේ වලින් ඇඳේ තිබුනු සුදු ඇතිරිල්ල පෙගෙමින් තිබුණා....
සෑහෙන්න පරක්කුයි ඕනවටත් වඩා පරක්කුයි... ජීවිත කාලෙම රකින්න පොරොන්දු උනාට ඌ පරක්කුයි... ඌට බැරි උනා පන අදින රෝස මල රැක ගන්න...
එදා එක ජීවිතයක් හුස්ම අත් හැරියා වගේම තවත් ජීවිතයක් වයිරයම හුස්මක් කර ගත්තා.....
.
.
.
.
.
.
.
උඹ නිසයි මේ හැමදේම , උඹ නිසයි කාලකන්නි බල්ලෝ ...
උඹයි ඌව මරාගත්තේ ...උපදින ආත්මයක් පාසා ඇගේ ලේ නහර ගැලවිලා යන වේදනාව උඹත් විදින්න ඕනමයි යකෝ...
මම උඹට අනන්ත එපා කිව්වා , උඹ ඇහුවෙ නෑ... හැමදේටම මුල උඹයි යකෝ...
"මම තමුන්ට සාප කරනවා සෞරාද් ..."
ආත්ම හතකට උඹට සැනසීමක් නම් ලැබෙන්න එපා ....
"මට ඒකව ගෙනත් දීපන් මහත්තයෝ... අනේ ගෙනත් දීපන්කෝ......."
.............................................................................................
ජයසිංහ ආරච්චිගේ සෞරාද් අක්නුල්ය සයාත්රන්
(වයස - 30)සෙතිනු තෂ්යාන් චන්ද්‍රසේකර (වයස - 22)
(මගේ අලුත් පුතු පැටියා මේ , විලංගු ඉවර වුනාම එක දිගට දෙන්නම් .... හැබැයි නොදී ඉන්නෙත් නෑ හරිතේ.... මේක mpreg ඒ නිසා අකමැත්තක් තියේනම් කියවන්න එපා.... ආසාවෙන් ලියන්න ගත්තෙ... ලයිබ්රි දාලා තියාගන්න....)
(කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්ඩලා ඉතින් , සේව් කරලා තියාගන්න ... ඉක්මනට පළවෙනි කොටස දෙන්නම්.... )
කියවන එකා දෙන්නටත් මම හරි ආදරෙයි මේ පපු කැවුත්ත පැලෙන්ට....... උම්මියා ❤️❤️🩹🙂🫴
ක්‍රිස්කෝගෙන් ආදරයෙන් 🥺❤️
YOU ARE READING
කුළුඳුල් (Kuludul) b×b (Slwupdate)
Non-Fictionනෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි මිහිදන්ව හද කොනක මතකයට රිදුම් දෙන වචන කුදු නොඅසාම වසන් වූ සිහිනයයි ... Start - 2024/06/27 End - ? (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්‍රි...