"ඈ... ඒයි... සෙමිතිනුවෝ... මොකද මේ බුදි මතේ වගේ... වෙනදට ඔයා මෙහෙම නෑනෙ... අපි එන්නත් කලින් ඇවිල්ලා පොතක් අස්සෙ ඔලුව ඔබන් ඉන්නවනෙ... අද විනාඩි දහයක් පරක්කුත් වෙලා ආවෙ... ඇයි ඒයි... ඇ... ඇ.."
අයියෝ කනක් ඇහෙන්න නැති හැටියක්... ඊයෙ හරි හැටි නින්දක් නැති නිසා ඇහැරුනෙත් පරක්කු වෙලා... දඩ බඩ ගාලා ලෑස්ති වෙලා එද්දිත් විනාඩි දහයක් පරක්කුයි ලෙක්චර්ස් වලට... ඇස් දෙකත් එක්කම දනවා... රෑ නින්ද නොගියට පට්ට නිදි මතයි දැන්නන්... දවල්ට කන්නයි කියල කැන්ටිමට ආව විතරයි තෙවින් කවපු බත්කටවල් දෙක තුනක් වගේ ගිලපු මං උට ඇති කියල එහෙමම මේසෙට ඔලුව ගහගත්තා... මර කරමතේ උන්න හන්දද කොහෙද මේසෙ උඩම නින්ද යාගෙන එද්දි මේකා සිලිං බිලිං ගානවා...
"ඒ සෙතිනු... මාත් බලාගෙන , උබට සනීප නැද්ද බං... ඇස් යටත් කලු වෙලා... කෑවෙත් නෑ හරියට... මොකද්ද අවුල... ඈ.. හලෝ.."ඔන්න මදි පාඩුව යේෂයි තෙවිනුයි කතා කරන්න ගත්ත කියන්නෙ තල් අත්තට බොරලු ගහනව වගේ තමයි... ඒ මදිවට ඔලුව කැක්කුම අස්සෙයි මුන් දෙන්නගෙ ගණ්ඨාර කටවල් වදින්න ගත්තෙ... අම්මප හසිනිටයි රයන් අයියටයි මල් තියල වැන්දත් මදි මේ වගෙ කුඩික්කි කටවල් දෙකක් උහුලන් ඉන්නවට...
"අනේ යකුනේ... ඔය කටවල් වහගනිල්ලකො... ඊයෙ නිදාගන්න උන්නෑ... නිදි මතයි ඕයි... අනෙ බන් හසිනි මේ යක්කු දෙන්නව අරන් පලයන්කො... ඔලුවත් එක්ක කැක්කුමයි...
මං කෑගැහුවා... කැන්ටිමේ හිටපු තව ළමයි සද්දෙටද කොහෙද හැරි හැරිත් බැලුවා... හසිනිට අර ඩබලව අරන් යන්න කියද්දි ඒකි උන් දෙන්නව ඇදන් යන්න හැදුවත් ඇටිකිච්ච ආයෙ මං දිහාවට දුවන් ආවා..
YOU ARE READING
කුළුඳුල් (Kuludul) b×b (Slwupdate)
Kurgu Olmayanනෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි මිහිදන්ව හද කොනක මතකයට රිදුම් දෙන වචන කුදු නොඅසාම වසන් වූ සිහිනයයි ... Start - 2024/06/27 End - ? (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්රි...