දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය
සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද
බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර
මගේ පෙම් පණිවිඩය
හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්නසමනලයගෙ පණිවෙඩේ අම්මගෙ රෙද්ද... අයියෝ ලැජ්ජාවයි... සාලෙ ඉඳන් මාව උස්සන් ආපු පර මනමාලයා ඇඳ උඩට විසික් කරා විතරයි ඇඳ උඩ තිබ්බ රිමෝට් එක එබිලා නිරෝශා විරාජිනීගේ සින්දුවක් ප්ලේ වෙන්න ගත්තා... තාමත් මගෙ ඇස් වැහිලා... ඇස් අරින්න ලැජ්ජයි වගේ... මම එවෙලෙ කියපු කතා වලට හැටියට බිත්තර කට්ටකුත් මඳි හැංගෙන්න... පැස්බර කට්ටක්වත් තුබුණනන් මරු... තෙවීන් තෙවීන් තෙවීන්... තෝ තමයි සේරටම මුල... මට හිතන්න තිබුනා , උඹේ මොලෙත් මගේ වගේම ගොං බව... අයියෝ අයියෝ අයියෝ...
"තමුසෙ හිතන් ඉන්නේ දිහටම ඇස් වහගෙන ඉන්නද... open your fucking eyes man... අදුන ගන්නවත් ඇස් අරිනවා ඕයි..."
ඒ කටහඬ පුදුම ගැඹුරුයි... ඒක නිකන් තෝ ඇස් නෑරියොත් තොගෙ ඇස් මම උගුල්ලනව කියනව වගෙයි මට ඇහුනේ... ඉතිං මම ඇස් ඇරියා... ඇස් ඇරියාමත් නෙමෙයි මගෙ ඇස් ඇරුනා...
අනේ මන්ත්රී තාත්තේ...
මට මේ කසාදෙ ඕනෙ තාත්තේ...
මූ ලස්සනයිනේ...
පර මනමාලයගෙ හැඩ යකෝ...මම දන්නේ නෑ කොච්චර වෙලා කට ඇරන් බලන් උන්නද කියලවත්... මගෙ රූම් එකේ ටේබල් එකකට අතකුත් තියායෙන බිමත් බලාගෙන පර මනමාලයා ඉද්දී ඒකගේ ලස්සනට වශී වෙච්චි මගෙ නාහෙන් ලේ එන්න ආවා... උස මහත හයේ හතරෙ පොරක් හිනා පොදක් නැති මූනෙන් මගෙ ඉස්සරහ හිටියා... black color tuxedo එකක් ඇඳලා ඉදපු නායක පුතන්ඩියගෙ තිබුනේ හිත හොල්ලන රූපයක් වෙද්දි කසාද එපා කියල හිතපු මටත් ඌ එක්ක පැනල යන්න හිතුනා...
YOU ARE READING
කුළුඳුල් (Kuludul) b×b (Slwupdate)
No Ficciónනෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි මිහිදන්ව හද කොනක මතකයට රිදුම් දෙන වචන කුදු නොඅසාම වසන් වූ සිහිනයයි ... Start - 2024/06/27 End - ? (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්රි...