හරීන් රන්දිම චන්ද්‍රසේකරට මන්ත්‍රී ධූරයත් අහිමි වන ලකුණු...
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වර්තමාන එ... ක... පක්ෂ මන්ත්‍රී හරීන් චන්ද්‍රසේකර මහතා සම්බන්ධව ලංකා ගොවි මහතුන්ගේ එකමුතුව විසින් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයට සිදු කරන ලද පැමිනිල්ලක් යටතේ ,
එ... ක... පක්ෂ විනය මණ්ඩලය විසින් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව නිලලත් ආරංචි මාර්ග පවසයි...
පසුගිය වකවානුවේදී එම මහතාගේ විනය විරෝධී ක්‍රියා කිහිපයක් නිසාවෙන් කැබිනට් අමාත්‍ය ධූරයද අහිමි විය.......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.සලාන්..... හරියට හරි එක මල් පෝච්චියයි...
සලාන්..... මල් පෝච්චි දෙකයි......
ඩාන්න්න්..... එක ලී පුටුවයි......
චටාස්..... එක බොඩිගාඩ් කම්මුලයි.....
ඩෝං..... එක බුලට් එකයි.....
මේ දවස් ටිකේ රෑ හත හමාර වෙනවා කියන්නෙ ඇමති පියාට ආ නෑ වැරදුනා මන්ත්‍රී පියාට කාලි අම්ම ආරූඪ වෙන වෙලාව... පහුගිය ටිකේම චන්ද්‍රසේකර මන්දිරේ රෑ හත හමාර කියන්නේ එකෙක් අනිවාරෙන් ගුටි කන ලක්ෂෙක දෙකක බඩු කුඩුවෙන වෙලාව... බලුම වෙලාව... අසික්කිතම වෙලාව...
"මුං කොහොමෙයි යකෝ මේ චන්ද්‍රසේකරට විරුද්ධව නිව්ස් දාන්නේ..... ටක්කෙටම මේ බලු ටීවී කාරයොන්ට නිව්ස් එක දෙන්න ඇත්තේ වන්නිආරච්චිය වෙන්න ඇති... ඔය තට්ටයට පුදුම ඇම්මක් තිබුනෙ මගෙ ඇමතිකම ගැන......
ඕයි රූපසිංහයෝ ... කෝ බල්ලො තෝ... ඔහේ සිරියලතා එක්ක නිදි වදිවද.... වරෙන් විගහට....
ගනින් පක්ෂ නායක තුමාට කෝල් එකක්..... උටත් මතක නෑ පොල් වතු වලින් මා එක්ක එක්කහු වෙලා මඩි ගහපු හැටි... ගනින් කෝල් එකක්.........."මන්ත්‍රී පියාගෙ කට්ට අදනම් දොට්ටම බැහැලා වගේ.... සුපුරුදු පරිදි මන්ත්‍රී තුමාගේ සෙකට්‍රි , රූපසිංහ ඔලුව කහ කහ ලඟට ආවේ මන්ත්‍රී තුමා ගිරිය පුප්පන් කෑ ගැහුවට ගානක්වත් නොගෙන... අවුරුදු පහලවක් විතර මන්ත්රියත් එක්කම ඉඳලා ඒ මිනිහට මෙව්ව නිකන් පතෝල වගේ ...
මන්ත්‍රී තුමා ,මන්ත්‍රී තුමා කිව්වට ඒ මගෙ තාත්තා .... සෙතිනු තෂ්යාන් චන්ද්‍රසේකර ගේ තාත්තා.... මගෙ තාත්තා ඇවිල්ලා දේශපාලන පවුලක තුන්වෙනි පරම්පරාව ..... ඉස්සෙල්ලම මී සීයා අගමැති , ඊට පස්සේ ආච්චි අම්මා ඇමති , දැන් තාත්තා මන්ත්‍රී.... පරම්පරා දෙකක් යහතින් බොක නොවී දේශපාලනේ කරපු චන්ද්රසේකරලා තාත්තගෙ වැඩ හන්දා ගලි වලක් වෙලයි නැවතුනේ....
YOU ARE READING
කුළුඳුල් (Kuludul) b×b (Slwupdate)
Non-Fictionනෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි මිහිදන්ව හද කොනක මතකයට රිදුම් දෙන වචන කුදු නොඅසාම වසන් වූ සිහිනයයි ... Start - 2024/06/27 End - ? (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්‍රි...