මනුස්සයෙක් ජීවිතේ අලුත් පියවරක් ඉස්සරහට තියන්නේ දාහක් බලාපොරොත්තු , හීන හිතේ තියාන... ඒකත් තනි වෙලා උන්න මනුස්සයෙක්ට ජීවිතේ අලුත් පියවරක් කියන්නෙම මහ මෙරක්.... ඒ අලුත් පියවරට හේතු වුන කෙනා හන්දම හිත කලබල වුන මං වගේ මනුස්සයෙක්ට සමහර අවස්ථා සිද්ධි කියන්නේ තනිකරම ලෝකේ නැති දේවල් මවා ගන්න පුලුවන් තරම් මැවුම් ලෝක..... ඒ මැවෙන ලෝක අස්සේ පේන්නෙම අසුභවාදී දේවල් නම්,
සෞරාද් !
ඔයා කවුද , ඇයි මෙහෙම... මොනවද මේ වෙන දේවල් වල තේරුම... අද වැඩ ගොඩක් තියන නිසා මාව ගන්න එන්නවත් වෙලාවක් නෑ කිව්ව මිනිහා , කොහොමද හොස්පිට්ල් එකේ ඇඳක් උඩ ඉන්නේ... ඒකත් පිහි පාරක් වැදිලා... සිහියක් පතක් නැතුව.... මං දැනන් හිටියා , මුල ඉඳන්ම මට තේරුනා... කියවන්න ඉඩ දුන්නොත් විතරක්ම මට කියවන්න පුලුවන් වෙන මිනිහා , වෙනස් බව... මං දකින්නේ මොකක්දෝ හමක් පොරව ගත්ත සෞරාද් කෙනෙක් වග... ඒ දැන දැනත් මොලේ අනන්ත අඩියක් පස්සට ගනින් කියද්දිම මං කලේ ඒකේ අනිත් පැත්ත...... අඩුම තරමේ ආදරෙයි කියලා යන්තන් එක දවසයි ගත වුනේ... ඒ එක දවසට මට මෙහෙම ගින්දරක් උහුලන්න උනානන් , ඉස්සරට මොන මොනව වෙයිද... මේ ජීවිත කාලේ ගෙවෙන කම් මට කී පාරක් මේ විදියට හොස්පිට්ල් වල වෙයිටින් ඒරියා එකේ ඉන්න වෙයිද... කී පාරක් මට අඬන්න වෙයිද.... කී පාරක් නොදකින දෙවියෝ යදින්න වෙයිද.......
"මිස්ට සෙතිනු නේද..."
"ඔව්..."
"මං මිස්ට සෞරාද් ගේ සෙකට්රි , මිස්ට සෙතිනු දන්නවත් ඇති...."
"ආ... ඔව්...."
"මේකයි සර්ගේ ආර්ම් එකක තමා කැපුම උනේ.. ශෝල්ඩර් එකට කිට්ටු වෙන්න... තාම ඔපරේශන් එක යනවා... ඩොක්ටස්ලා කියන්නෙ නන් ක්රිටිකල් කන්ඩිශන් එකක නෙවෙයි ඉන්නෙ කියල... මං ඔයාට කෝල් කලේ සර්ට සිහිනැති වෙන්න කලින් ඔයාව ඉල්ලුව ඒකයි... ටිකක් වැඩියෙන් එයාගෙ බ්ලඩ් ලොස්ට් උනා , බල නහරයක් ඩැමේජ් උන නිසා... ඒකයි සිහි නැති වුනේ...... තව ටිකකින් එයාව රූම් දායි... මෙන්න රූම් පාස් එක.... රූම් දානකොට ඔයාට යන්න පුලුවන්...."
YOU ARE READING
කුළුඳුල් (Kuludul) b×b (Slwupdate)
Phi Hư Cấuනෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි මිහිදන්ව හද කොනක මතකයට රිදුම් දෙන වචන කුදු නොඅසාම වසන් වූ සිහිනයයි ... Start - 2024/06/27 End - ? (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්රි...