"වෙන උන්ට ඔයාව අල්ලන්න දෙන්න එපා චූටි මැණික... මං ඒකට කැමති නෑ...."
"ඒ........."
කතාවක් බහක් නැතුවම මේ තරන් වෙලා වාහනේ ඩ්රයිව් කරන් ආපු සෞරාද් කියනවා වෙන උන්ට අල්ලන්න දෙන්න එපාලු... ඒ මදිවට ආයෙ චූටි මැණිකලු... වාහනෙන් මූන එලියට දාගෙන ඉදපු මං එකපාරටම මගෙ මනමාලයගෙ දිහා බලල ඒ ගෑවා... ආන්න ආන්න... අර හිනාව... කට කොනකින් හිනාවෙනවා... මන් හින්ද හොදයි ඉතින් වෙන උන් නන් බයවෙනවා සයිකො කියලා තාරකා ඉබ්බට...
"ඇයි , මොකද බැරිද... මන් උබේ හොඳටමයි කියන්නෙ... අනික i don't like it . if anyone touches what's mine , Am gonna rip his tongue .... ඒක නිසා කාත් එක්ක උනත් අතේ දුරින් ඉන්න... මිනිස්සු එක්ක ආශ්රයක් එපා කියල නෙවෙයි කියන්නෙ... හැබැයි ලිමිට් එකට ඕනම කෙනෙක් එක්ක හැසිරෙන්න... අදකාලෙ කිසිම කෙනෙක් ශුව කරන්න බෑ , ඔයා දැක්කනේ ඊයෙ පෙරේද ඉන්දියාවෙ රේප් කේස් එක එහෙම... ඒක නිසා ඕනම කෙනෙක් අතේ දුරින් තියාගන්න තරමට ඔයාටමයි හොඳ.. තරහකට නෙමෙයි කියන්නේ සේනූ... තේරුනාද..."
අනේ... එයා හදන්නෙ මාව කොටු කරන්න නෙමෙයි... මාව නිදහසේ තියලා එයා බලන් ඉන්න , ඒ ගමන් මට මාව ආරක්ෂා කරගන්න උගන්නන... මං දන්නවා , ඔලුව උස්සල ඉන්න සෞරාද් , මට පුලුවන්... මේ අවුරුදු ගානටම ඕන තරන් නොහිතපු අවස්ථා වල අසරණ වෙන තැන් ආවත් මං කොහොමින් කොහොම හරි බේරුනා... අම්ම නැති උනාට පස්සෙ මං තනියමයි මාව බලාගත්තේ... ඒත් මොකක්ද අයිති කතාව... ඒකනන් අනවස්ස තොරතුරක්...
"තෙවින් මගෙ හොඳම යාලුවා... පොඩි කාලෙ ඉඳන්... ඌ මට මගෙම මල්ලි වගේ... අනික උට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා... ඒ පොඩි එකා කවදත් එහෙමයි මං ගාව... ඒකා මට මාර ආදරෙයි... මටයි කියල හිතේ තියෙන දේවල් කියන්න හිටියෙ ඉන්නෙ ඒකා විතරයි... වැරද්දක් හිතන්න එපා මගෙ පොඩි එකා ගැන... අනික යේෂා හසිනිගෙ ගර්ල්ෆ්රෙන්ඩ් , තෙවිනුයි යේෂයි මගෙ ඇගේ එල්ලුනාට ඒ සහෝදර කමට..."
"දැන් සේනු ඇයි හිතුවෙ මං ඒ ඇබිත්තයො දෙන්න ගැනයි කිව්වෙ කියලා... ම්ම්... I"m not a fool චූටි මැණික... උන් දෙන්න දිහා බැලුවම කියන්න පුලුවන් ... උබ දන්නැති උනාට මට මිනිස්සුන්ගෙ මූණු කියවන්න පුලුවන්..."
YOU ARE READING
කුළුඳුල් (Kuludul) b×b (Slwupdate)
No Ficciónනෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි මිහිදන්ව හද කොනක මතකයට රිදුම් දෙන වචන කුදු නොඅසාම වසන් වූ සිහිනයයි ... Start - 2024/06/27 End - ? (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්රි...