" අක්කෙ ඔ.. ඔයා.. ? "
" මං දැනන් හිටියෙ.. "
හසරැල්ගෙ රියැක්ශන් එක එක්ක ගෞරිගෙ මූණ හිනාවකින් වැහුනා..
ඊට එහා මුකුත් කියාගන්න තරම් හසරැල්ට වචන ගලපගන්න පුලුවන් උනේ නෑ..
" දෙන්නට පොඩ්ඩක් රඟපාන්න දුන්නා ඉතින්.... ඔය දෙන්නා මං දන්නෙ නෑ කියලා හිතාගෙන රඟපෑව.. ඒ විදියටම හිතාගන්න දීලා දන් නෑ වගේ මාත් පොඩ්ඩක් රඟපෑව.. හරි විනෝදයි හැබැයි.. "
" කොහොමද ? කවද ඉඳන්ද ? "
ලැජ්ජාව පැත්තකට දාලා හසරැල් යන්තම් වචන ගැටගහගත්තෙ පුදුමය පිරුණු ඇස් ගෞරිගෙ දිහාවට පා කරලා..
" කොහොමද කියනවනම් ඉතින් මගෙ ඇස් හොඳට පේනව.. කන් දෙකත් හොඳට ඇහෙනව... එහෙම එකේ මගෙ ඇස් ඉස්සරහම රණ්ඩු වෙවී උන්නු උන් දෙන්නා නිකන් එක පාරට වෙනම පාට් එකක් ඇක්ට් කරද්දි මොකද්ද වෙන්නෙ කියල නොතේරෙන්න තරම් මං මොකෙක් කියලා හිතුවද තොපි දෙන්නා.. ? "
ගෞරි කිව්වෙ හිනාවක් එක්ක උනාට හසරැල්ගෙ පෙනුම නම් අමුතු දුකකින් වැහිලා ගියා..
" සොරි අක්කා.. හංගන්න ඕන උනා නෙමෙයි.. ඔයාලා තුන් දෙනා ඒකට කොහොම රියැක්ට් කරයිද කියලා එයා සෑහෙනට වද උනා... "
හසරැල්ගෙ කටහඬේ තිබුනෙ පසුතැවිල්ලක්..
" මං දන්නව.. අපේ අර ගොන් වහන්සේ එයාගෙ කටින්ම කියනකල් තමා මාත් සද්ද නොකර හිටියෙ.. මං දන්නව කියලා උට කියන්න එපා හොඳේ.. පොඩි බයිට් එකක් දෙන්නෝනෙ.. "
" ම්ම්ම්.. තව දෙයක්.. අක්කා මේක ගැන ශශී අක්කා එක්ක නොකියා ඉන්නවනම් මං කැමතී.. "
හේතු අහන්නෙ නැතුවම හසරැල්ගෙ කතාවට ගෞරි එකඟ උනේ ඔලුව යන්තම් වනලා..
*****************************************
අවිවේකී පුහුණුවීම් කාලසටහනක් අස්සෙ හිර වෙලා උන්නු නිසාම නුවේද්ට හසරැල්ව සතියක් යනකල් දකින්නවත් ඉඩක් හම්බුනේ නෑ..
ඊලඟ රවුන්ඩ් එකේ රෙකෝඩින්ග් ඉවර වෙනකල්ම ගෙවිච්ච දවස් කීපෙකට පස්සෙ හසරැල්ව දකින්න තිබ්බ නොයිවසිල්ලත් එක්කම නුවේද් ශොප් එකට යන්න හිතන් උන්නට මොකද තව එක්කෙනෙක් ඒ ගමනට එකතු වෙලා හිටියා..
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️