Chapter 1

388 44 59
                                    


ජල බදුන උණුසුම් ය. වෙයි යින්ග් තම සළු පිළි එකින් එක උනාදමමින් නිරුවත් වන්නට උනේ , සිසිරයේ සීතලට අභියෝග කරමින්,  ඉක්මනින් උනුහුම් ජල බදුනේ උනුහුම් වැළදගැන්මට  ඇති නොතින් ආසාවෙනි .

" ටක් ටක් ටක් "

වෙයි සිටියේ අඩ නිරුවතිනි . එක්වරම පැල්පතේ දොර මතට වූ තඩිබෑමකි .

" මේ රෑ ...! "

රාත්‍රී අටේ කණිසමට ආසන්න වූ මේ හිම වැටෙන රැයේ ... තමාගේ දොරකඩ තට්ටු කරනා අමුත්තා කවරෙකු විය  හැකි ද ?!

වෙයි වහා තම සළු පිළි උඩින් පල්ලෙන් පටලගෙන පැල්පතේ දොර වෙත පා නැගුවේ ... උණුහුම් ජල බදුන වෙත ශෝකී බැල්මක් හෙලමිනි . මුළු දිවා වරුවේ ම වගා කටයුතු , නිවස අස්පස් කිරීම් , ආහාර පිසීම් ආදී නොයෙකුත් නිමක් නොමැති වැඩ රාජකාරි වල නියුතු වූ ඔහුගේ දිනයේ ප්‍රියතම වේලාව වු ස්නාන හෝරාව මෙසේ විනාඩි කිහිපයකට හෝ පරක්කු කරවන  බාධා  කිරීමට ඔහුගේ සිතේ පැන නැගුනේ නෝක්කාඩු බවකි .

අවසානයේ ඔහු පැල්පත් දොරටුව වෙත ළගාවුනි .  ප්‍රවේසමෙන් දොර හරහා දමා තිබූ දොර පොල්ල ඉවත් කළ ඔහු දොරටුව විවර කරන්නට විය .

දොරටුව විවර වු හාම පිටතින් රශ්මිධාරවක් පිටවන්නාක් වන් ශ්වේත වර්ණිත ඇදුමින් සැරසි ගාම්භීර පුරුශයෙකි.

දුටු දර්ශනයෙන් වික්ශිප්ත වූ වෙයි යින්ග් එක පයක් ආපස්සට තැබුවේ නිරායාසයෙනි .

" හන් ගුආ ජුන් ?! "

එවදන් ඔහුගේ මුවින් ගිළිහුනේ ඔහුටත් හොරාවට ය .

" වෙයි යින්ග් ... ඔබ කැමති ද මා හා විවාහ වීමට ? "

ගැඹුරු මුත් නිවුනු හඩක් සන්සුන් ව ඔහුගෙන් විමසන්නට උනේ ... කම්පනය නිසාම ඔහුගේ අතක් පපුව වෙත යද්දිම ය.

.
.
.
.
.
සීතල තුරන් වනු වස් ... වෙයි පැල්පත තුළ වූ මැටියෙන් තනන ලද ගිනි උදුන දල්වන්නට වුනේ ... ලන් චාන් සිටියේ හිමෙන් තෙත් වී බැවිනි.

ඔවුන් කදුකරයේ දී එකිනෙකාගෙන් වෙන් ව හරියටම තෙවසරකි.

මේ තෙවසර තුළ වූ දෑ බොහෝ ය. හන් ගුආ ජුන් අමරණීය ප්‍රධානී ලෙසින් ... සංග්‍රාම අවධියේ දී වූ විනාශ වීම් පිළිසකර කරමින් සිටිද්දී ... වෙයි යින්ග් කුඩා ගමක අප්‍රසිද්ධ වාසයකට යොමු වුනේ ... තවදුරටත් කිසිදු නිකායකට සම්බන්ධ නොවී තම පූර්වජයන් මෙන් ... නිදහස් ධ්‍යානවේදියෙකු ලෙස ජීවත් වීමේ අරමුණු පෙරදැරි කරගෙන ය.

Gorgeous Days Where stories live. Discover now