Chapter 5

508 77 49
                                        

" ඇතුළට ගිහින් කතා කරමු ... "

වංජි , වෙයිගේ සවනට .... මෘදු ව මිමිණීය .

.
.
.
.

කෙතරම් පෙරැත්තෑ කළද වංජිව යළිත් ගුසු වෙත යාමට එකග කර ගැනීමට කනිෂ්ඨයින් සියල්ල අපොහොසත් වෙද්දී ... වෙයි ට පවා සිදූ වුනේ මුනිවත් රැකීමට ය .

කණිෂ්ඨයින් දින කිහිපයක් වෙයි ගේ පැලේ ගත කර අවසානයේ බලාපොරොත්තු කඩ වූ පරාජිත සිතකින් යුතුව පෙරළා ගුසු වෙත පිටව ගියේ ... අවසන් වරටත් තම ඉල්ලීම ඉල්ලා බැරිම තැන ය.

" වෙයි ගොන්ස ... හැකි නම් කෙසේ හෝ හන් ගුආ ජුන් සමග ගුසු වෙත පැමිණෙන්න ... අපි බලා ඉන්නවා ... එසේ ම ස්තූතියි ඔබ දෙපළට මේ දින කිහිපයේ අපි ඉතාමත් ම හොදින් බලා කියාගත්තට ...

ජින්ශිය පාළුවෙන් වැසීගොස් ... ගුසු කදුවලට ගුචින් හඩ අමතක වී ... ඍතු වෙනස් වුවද , ගුසු එකතැන නතර වී මෙන් ... ඉදින් කරුණාකර ගුසු වෙත නැවත ජීවය කැන්දාගෙන පැමිණෙන්න ...

එතෙක් අවසර ... "

දෑත් එකතු කර තම ජේෂ්‍යඨයන් දෙදෙනාගෙන් අවසර ගත් කුඩාවුන් පිරිස ... වසන්ත සුළග තුළ අතුරුදන් වෙද්දී ... බර සුසුමක් හෙලූ වෙයි යින්ග් ... යළිත් පැල තුළට ඇතුළු වුනේ ... නැවතත් ඔවුන් දෙදෙනාටම වෙන් වූ ඒ චමත්කාරජනක පාළුව තුළ යළිත් වතාවක් ගිලෙමිනි.

.
.
.
.

වෙයි යින්ග් මුළුතැන්ගෙය තුළ මස් හොද්දක් ඒදමින් ඉදියේ ය . වැඩි සැරත් නැති අඩු සැරත් නැති මධ්‍යයස්ථ ප්‍රමාණයේ සැර කෑමට දෙදෙනම හුරු ව ඇති නමුදු , තවමත් මස් සහිත ආහාර ගැනීම වංජීට අපහසු වූ බැවින් ... වෙයි වංජි වෙනුවෙන් වෙන ම එළෝළුවක් ද ලිප තැබී ය.

" ටක්ස් ටකස් ටකස් ... "

මිදුලේ සිට වංජී දර පලමින් සිටී . මස් හොද්ද ලිප තැබූ වෙයි ... සතුන් කටනොගසන ලෙස එය පියනකින් වසා ... හොද්ද පැහෙන තුරු පිටුපස මිදුල වෙත ඇවිද ගියේ ..  දර පලමින් උන් වංජි වෙත ය .

වංජී උඩුකය නිරුවත් ව ... කොණ්ඩයද පෝනියක් වෙන්නට ගැටගසාගෙන දාඩිය බේරෙන ගතින් දර පලමින් සිටී . හිරු එළිය වැටී ඔහුගේ ළා කහපාට සිරුර දිස්න දෙමින් උන්නේ ... බලා සිටින කෙනෙකුට උන්හිටි තැන් අමතක කරමිනි.

Gorgeous Days ( Completed )Where stories live. Discover now