Chapter 6

147 24 26
                                    

" ඔබ පමණයි .... එකම සුදුස්සා ... මගේ වෙයි ...!!!"

.
.
.
.
.

වසන්ත සිරිය පරිසරය ආක්‍රමණය කරමින් උන්නේ සෑම තැනක ම දේදුනු පැහැ එකතුවන් තනමිනි .

තම කුඩා පැලේ පිල්කඩ මත වුන් වෙයි තම දිගු කෙස්වැටිය ලිහා දමා දෑස් ද අඩවන් කරමින් ... ආ චින්ගේ හිස්කෙස් ප්‍රතිකාර අත්විදිමින් හිදී .

" වෙයි ගොන්ස ... දිය පහර අසල තැනි බිම , මංගල්‍යකට නම් බොහෝ උචිතයි ... "

ආ චින් වෙයි ගේ කෙහෙරැලි අතර තම ඇගිලි මෘදු ව ගෙනයන අතර ම උද්‍යෝගයෙන් තෙපළී ය.

" අපි ඒ තැන ගැන හිතුවා ආ චින් ... ස්තානයට නම් අපිත් කැමතියි ... ඒත් වර්ශාවක් ඇද හැලුනොත් , දිය පහර නිසා ගැටලුවක් විය හැකියි ... "

වෙයි ගේ සන්සුන් හඩ එවදන් තෙපළද්දී  ඔහු තම දෑස් ළාවට විවර කළේ ය .

" වසන්තයේ වර්ශාව උවත් එතරම් ගැටළු ඇති නොකරාවි ... මං නම් කියන්නේ එතන තමයි හොදම ... "

ආචින් කටකාර ලෙස මෙවදන් තෙපළුවේ ... වෙයි සිනාසෙමින් ම යළිත් දෑස් පියාගනිද්දී යි .

වෙයි මෙන් ම වංජී ද මේ දිනවල ඔවුන්ගේ විවාහ ලක ලෑස්ති වීම් තුළ කාර්‍යබහුල වීය . නමුදු ඔවුන්ගේ වැඩකටයුතු බොහෝ පහසු වී තිබුනේ ... ගම් වැසියන්ගේ නොමද සහය ඔවුන්ට නොඅඩුව ලැබුනු නිසාවෙනි.

සන්නාලි තරුණිය සාම්ප්‍රදායික විවාහ ඇදුම් මැසීමට පටගෙන තිබිනි. රතු පැහැති පසුබිමේ රන් පැහැයෙන් ගෙත්තම් වී හැඩවෙන තම මංගල ඇදුම් බැලීමට ආචින් සමග සන්නාලි නිවසට යාම ... මේ දිනවල වෙයිගේ දින චරියාවේ වැදගත් අංගයක් වීය.

මෙයි ආච්චි අම්මා නිතරම ඔවුන්ගේ නිවසට පැමිණ ආහාර ලයිස්තු ඉදිරිපත් කරමින් හිදී . දැනටමත් රසකැවිලි තැනීමට පටන්ගෙන ය. ගැමි තරුණයන් කිහිපදෙනෙකු ගේ උදව්වෙන් වංජී මේ දිනවල ඔවුන්ගේ පැල අලුත්වැඩියා කිරීමේ කටයුතු වල නිරත ව හිදී.

දිනෙන් දින කාර්‍යබහුල බව වැඩිවෙද්දී , උදෑසන අවධි වීම වැඩ කිරීම සහ අවසන මහන්සි වී නින්දට යාම පමණක් ම මේ දිනවල ඔවුන්ගේ දින චර්‍යාවේ අංග වී තිබිනි .

Gorgeous Days Where stories live. Discover now