හ්ම්ම්ම් ....එබැවින් අප මේ කිසිවක් අපතේ නොහැරිය යුතුයි "
යැයි පවසමින් ම ... වෙයි ව බදෙන් අල්ලා තමා වෙත ඇදගත්තේ ... ඔහුගේ දෙතොල් හාදුවකට නතු කරගනිමිනි .
.
.
.
.
.එදින පෑයුවේ පිරුණු හදකි . වසන්තගේ පැහැය විසින් ඒ පරිපූර්ණ චන්ද්‍රයා පැණි පැහැයට හරවා තිබිනි .
වෙයි ගේ ළා රත් පැහැ දෙතොල් වංජිගේ රෝස පැහැ දෙතොල් වල පහසට නතුව උන්නේ මේ පැණි පැහැ හද එළිය මධ්‍යයේ ය . වෙයි ගේ අළු පැහැ දෑස් පූර්ණ ලෙස අඩවන් ව තිබියදී වංජිගෙ රන් පැහැ දැස් අඩලෙට අඩවන්ව උන්නේ ... හාදුව තුළදී පවා වෙයි ගේ සෑම ඉරියව්වක් ම ලුහුබදිමිනි .
වෙයි උන්නේ වංජිගේ පහස හමුවේ කෙමෙන් කෙමෙන් අඩපණ වෙමිනි . වංජිගේ මෘදු දෙතොල් ඔහුගේ දෙතොල් මත තබන සෑම සටහනකට ම වරක් ... දරාගත නොහැකි හැගීමක් නිසා අඩපණ වන වෙයි කෙමෙන් කෙමෙන් වංජිගේ සිරුරට තම සිරුරේ බර පටවන්නට උනේ ... වෙයිගෙ ගතෙහි වන ප්‍රතික්‍රියාව පිළිබද ව , වංජිට පවා සලකුණු සපයමිනි .
වෙයි ට තවදුරටත් සිටගෙන සිටීම අපහසු විය .
" ම්හ්හ් ... !"
කෙදිරුමක් සමගින් ඔහුගේ දෙපා අඩපන වනු ඔහුටත් වඩා වංජිට සංවේදනය වී තිබිනි.
මෙතෙක් වෙලා සිටගෙන උන් එ දෙපළගේ හාදුවට වංජි මද විරාමයක් තැබීය .
මත් වූ දෑසින් සහ අඩපණ වූ ගතින් යුත් වෙයි ... වංජිගේ ශක්තිමත් බාහුවල එල්ලීම ,
" ලන් චාන් ... ! කිමද ... නැවැත්වූයේ
!?"යැයි මදක් සැලෙන වදනින් විමසුවේ ... හැගීම් නිසා අස්තාවර තිබූ තම හඩ ස්තාවර කරගැනිම හැකි පමණින් වෙහෙසෙමිනි .
" ඔබට අපහසුයි ... අප සයනය වෙත යමු ... "
මද සිනහවක් ද මෘදු වදන්ද සහිතව සන්සුන් ලෙස එසේ තෙපළූ වංජී ... වෙයි ගේ බද වටා තම දෑත් මෘදු ව ගෙන ගොස් ... ඔහු ව තම දෑත් අතරට ඔසවාගත්තේ
... වෙයි ගේ දෑස් අනිච්චානුගව ම ඔහුගේ ගෙල වටා එතීමට ඉඩ සලසමිනි.වංජිගේ දැස් මොහොතකට වෙයි ගේ දෑස් හා බැදුනි . ඒ අවසරයෙන් වංජිගේ දැස් දෙස බලා මදසිනා පෑ වෙයි ... කුඩා හාදුවක් වංජිගේ නිකැලැල් කම්මුලක් වෙත පිරිනැමුවේ ... වංජිගේ සිනහව සියදහස් ගුණයකින් වර්ධනය වීමට ඉඩ සලසමිනි .
YOU ARE READING
Gorgeous Days
Fanficආශ්චර්යය වගේ කතාවක් ඕන කියල කියපු අය වෙනුවෙනුයි මේ කතාව ... Gorgeous Days ... කතාවේ නමින් ම කෙනෙකුගේ හිතේ සතුටක් ඇති කරන්නයි මට ඕන වුනේ ... ඉතින් මේ කතාව ලියවෙන්නේ TU ඉවරවුනු තැන ඉදන් ... මතකනේ ... වෙයි සහ වංජි කදුකරයේදී මේ විදිහට කියල වෙන්වුනා...