" මං ආදරෙයි ... ! "
සිහින් නමුත් පැහැදිලි හඩක් ... වංජිගේ දෙතොල් අතරින් ගිලිහිනි .
.
.
.
.
.බනිස් තැම්බෙන සුවද ... මුළුතැන්ගෙයි සිට හමා එන සුළග හා මුසුවී... පැල ඉදිරිපිට උන් යුවළගේ නාස් පුඩු ස්පර්ශ කරමින් හමා ගියේ ය .
හිම වැටීම නතරව තිබුනද ... අවට පරිසරය ම හිමෙන් වැසී තිබුනේ ... ඒමත පතිත වූ හිරු කිරණ චමත්කාරජනක රටා මවද්දීය .
" ඉක්මනින් ම වසන්තය උදාවන හැඩයි ... "
පැල ඉදිරිපිට තැබූ අසුනක වාඩි වී උන් ලන් චාන් ගේ තෙත් හිසකෙස් ... තුවායකින් ප්රවේසමෙන් පිසදමමින් ම වෙයි යින් පවසන්නට උනේ ... ලන් චාන් ලාවට හිස ඉහළ පහළ කරමින් ඊට එකගවෙද්දී ය .
" ඔබ වසන්තයට කැමති ද ... " ලන් චාන් මෘදු හඩින් විමසී ය.
" මම හැම ඍතුවකට ම එක සේ කැමති ලන් චාන් ... වරක් ජීවිතය අහිමි වූවෙකු ලෙස ... ජීවිතයේ හැම මොහොතක් ම මට බොහෝ වටිනවා ... "
වෙයි යින්ග් මෘදු හඩින් පිළිතුර දෙන්නට විය .
" වෙයි ... "
" ම්ම්ම් "
" අපි වසන්තයේ දී විවාහ වෙමු ... "
මෙතෙක් වෙලා පැල ඉදිරිපස මිදුල වෙත දෑස් යොමා උන් ලන් චාන් ... එක්වරම ගෙලෙන් හැරී වෙයි දෙස බලමින් විමසන්නට උනේ ... වෙයි පුදුම වූ දෑසින් ... තුවායද තම දෑත් අතර මිරිකගෙන බලා සිටිද්දී ය .
"ලන් චාන් ... මේ ඔබ මට විවාහ යෝජනා කරන විදිහ ද ... "
වෙයි සිනහවෙමින් ම ලන් චාන් විමසුවද ... එක්වරම ඔහුව පුදුම කරමින් අසුනින් නැගී සිටි ලන් චාන් ... මිදුල දෙසට වේගයෙන් ඇවිද යන්නට විය .
" ලන් චාන් ... මොකක්ද වෙන්නේ... ඔබ කොහෙද යන්නෙ ඔය ... "
වෙයි තුශ්නිම්බූතව ගල් ගැසී පිල් කඩ මත බලා සිටිද්දී ... ලන් චාන් වෙයි ගේ මිදුලේ තිබූ කුකුළු කූඩුව විවර කරමින් ඉන් කුකුළන් දෙදෙනෙකු පිටතට ගෙන ... ඉක්මනින් නැවතත් වෙයි වෙත පැමිණ ඔහු ඉදිරිපිට දණ ගසාගත්තේ ... වෙයි තම දෑස් අයා බලා සිටිද්දීමය .
YOU ARE READING
Gorgeous Days
Fanfictionආශ්චර්යය වගේ කතාවක් ඕන කියල කියපු අය වෙනුවෙනුයි මේ කතාව ... Gorgeous Days ... කතාවේ නමින් ම කෙනෙකුගේ හිතේ සතුටක් ඇති කරන්නයි මට ඕන වුනේ ... ඉතින් මේ කතාව ලියවෙන්නේ TU ඉවරවුනු තැන ඉදන් ... මතකනේ ... වෙයි සහ වංජි කදුකරයේදී මේ විදිහට කියල වෙන්වුනා...