Chapter 4

171 27 22
                                    

වර්ශාවක් ඇද හැලෙන්නට වුනි . මළසිරුර විෂ හා එක් වූ හිම දියවෙමින් ගලා යන්නට විය . සිසිරය නික්ම යාමට සැරසෙයි .

සුන්දර ම ඍතුව වූ වසන්තය  අවසානයේ උදා වීමට යයි  .

.
.
.
.
.
.

වෙයි නාන බේසම දියෙන් පුරවන අතරවාරයේ , වංජී මුළුතැන්ගෙයි සිට ජලය උණු කරන්නට විය .

" ලන් චාන් .... භාජනය පිරී අවසන් ... උනුසුම් ජලය සූදානම් ද ... "

බදුන පිරී අවසන් වූ පසු වෙයි කෑගසා වංජිව විමසුවේ ය.

" මේ ගේනවා ... "

වංජි ද පෙරලා වෙයිට පිළිතුර දෙමින් ම ... උණුසුම් ජල බදුන දෑතින් රැගෙන විත් නාන බේසමට මුදා හැරියේ කිසිදු අපහසුවකින් තොරව ය .

මේ අතර වංජි ගේ ශක්තිමත් බාහු දෙස මද වෙලාවක් ආඩම්බරකාරී බැල්මක් හෙලා උන් වෙයි ... අවසන මදක් උගුර පාදා යළි පියවි සිහියට විත් ... වැලමිට මදක් ජලය තුළ බහා , ජලයේ උණුහුම් තත්ත්වය පරීක්ෂා කර බැලී ය .

" ගාණට රස්නේ තියෙනවා ... නිවෙන්න කලින් ඉක්මනින් ස්නානය කරගමු ... "

" හ්ම්ම් ... "

වෙයි ගේ ප්‍රකාශයට වංජී හිස වනා එකගවෙමින් ම තම උඩු කබාය ගලවන්නට විය .

එක්ව ස්නානයට ආරාධනා කළද ... දැන් දැන් තමා ව කෝල හැගීම් කිහිපයකින් වෙළී යන බව අවබෝධ කරගත් වෙයි ... මදින් මද රත් පැහැය වැඩිවෙන තම කම්මුල් ද සමගින් , කෙමෙන් කෙමෙන් නිරුවත් වන වංජි දෙස එකදිගට රැදුනු බැල්මකින් බලා ඉන්නට උනේ ... නාන කාමරය මැද පාශාණීභූත වීය .

මේ අතර , තම උඩුකය සම්පූර්ණයෙන් ම නිරුවත් කරගත්  ලන් වංජී ...එක්වරම නැවතී ...  සැහැල්ලු කලිසමකින් පමණක් වැසුනු යටිකයක් සමගින් වෙයි වෙත විමසුම් සහගත බැල්මක් හෙලන්නට උනේ ....

" ඔබ ඇදුම් උනා දමන්නේ නැති ද " යැයි විමසමිනි .

වංජි ගේ ප්‍රකාශය හමුවේ ... මෙතෙක් වෙලා සිහින ලොවක අතරමං ව උන් වෙයි වහා පියවි සිහියට පැමිණ ... වදන් පටලමින් ...

" මේ මේ මං මේ ... ක් හැම් ... හොදයි ... අම්ම් ... " යැයි පවසමින් වහා වංජි මෙන් ම උඩුකය පමණක් නිරුවත් කරන්නට විය .

Gorgeous Days Where stories live. Discover now