යුන්මෙන් නිකාය නායක ජියැන්ග් චෙන්ග් ගේ හඩ ඔහුට පිටුපසින් ශ්‍රවණය වන්නට උනේ ... ඔහුව දරුණු ලෙස තිගස්ස්වමිනි .
.
.
.
.ඉතින් අවසානයේ ජියැන්ග් චෙන්ග් ද පැමිණ සිටියේ ය . වෙයි බොහෝ වෙලාවක් යනතුරු වදනකුදු හෝ නොපවසමින් චෙන්ග් ව වැළදගෙන හඩාවැටෙන්නට විය .
වෙයි හඩාවැටෙන මුළු වෙලාවෙ ම දැඩි මුහුණක් සහිතව හුන් ජියැන්ග් චෙන්ග් ...
" වෙයි වුක්ශියෑන් ... දැන් ඔය මදැයි ... "
යැයි පැවසුවේ ... අපහසුවෙන් වෙයි ව ඔහුගේ සිරුරෙන් ඉවත් කරමිනි .
" චෙන්ග් මං ... මං .... හිතුවා ... "
අවසානයේ අකමැත්තෙන් චෙන්ග් ගේ සිරුරෙන් ඉවත් වූ වෙයි ... ඔහුට කතා කිරීමට උත්සාහ කළද ... හැඩීම නිසා ඇති වූ ඉකි ගැසුම් හේතුවෙන් ... ඔහුට පහසුවෙන් වදන් පිටකරගත නොහැකි විය .
" ඇති ඇති මට තේරෙනවා ... හිතුවෙ මං නොඑන බවනේ ... මං නොඑන්නයි හිතා උන්නෙ ... ඒත් පසුව මට සිතුන මා නොගියොත් ශිජියේ කිසිදාක මට සමාව නොදේවි යැයි ... "
එවදන් සමගින් ජියැන්ග් චෙන්ග් නැවතත් නිහඩ විය .
නමුදු ශිජියේ යන හඩ ශ්‍රවණය වූ හා වෙයි නැවතත් සිදු කළේ මහහඩින් හඩා වැටීමයි .
" අහ්හ්හ් ... වුක්ශියෑන් ... කරුණාකරලා ඔය අඩෝවැඩියාව නවත්වගන්න .... "
ජියැන්ග් චෙන්ග් නැවතත් බෙරිහන් දෙන්නට උනේ ... නැවත වරක් තමාගේ ඇගේ වෙලී හඩන වෙයි ව ඔහුගෙන් ඉවත්කිරීමට වෙහෙසෙමිනි .
නමුදු වෙයි නොවේ මොහොතකට හෝ හැඩීම නතර කළේ නම් ...
අවසානයේ වෙයි නිහඩකිරීමට හැකි උනේ ආ චින්ට ය .
" වෙයි ගොන්ස ... ඔහොම ඇඩුවොත් හෙට වෙද්දී ඇස් ඉදිමෙයි ... එතකොට ලන් ගොන්ස ට ඔබතුමා ව කැතට පෙනෙයි ... "
!!!
.
.
.
.එදින වෙන් නින් , හුවයිසාන් සහ චෙන්ග් ... වෙයි ගේ පැල තුළ බිම ඇතිරූ පැදුරු වල රැය පහන් කළ අතර ... වෙයි ද සයනය අතැර ජියැන්ග් චෙන්ග් ගේ පසෙකින් ඇලවී , මුළු රාත්‍රිය ම ඔහුට තුරුළුව නිදන්නට උනේ ... ජියැන්ග් චෙන්ග් ගේ මැසිවිලි හඩවල් කනකට නොගනිමිනි .
YOU ARE READING
Gorgeous Days
Fanficආශ්චර්යය වගේ කතාවක් ඕන කියල කියපු අය වෙනුවෙනුයි මේ කතාව ... Gorgeous Days ... කතාවේ නමින් ම කෙනෙකුගේ හිතේ සතුටක් ඇති කරන්නයි මට ඕන වුනේ ... ඉතින් මේ කතාව ලියවෙන්නේ TU ඉවරවුනු තැන ඉදන් ... මතකනේ ... වෙයි සහ වංජි කදුකරයේදී මේ විදිහට කියල වෙන්වුනා...