Chapter 7

161 26 21
                                    

අවසන අපහසුවෙන් තම හඩ පාලනය කරගත් වෙයි ... කෑගසා පැවසුවෙ ... තවමත් පහව නොගිය රමණීය හැගීමකින් වංජිගේ දෑස් දෙස බලන අතරම ය.

.
.
.

වංජි හිටියේ බුම්මගෙන ය . වෙයි ගේ හිසකෙස් පිරිමදින අතර වෙයි ද උන්නේ වරින් වර වංජි දෙසට හොර බැලුම් හෙලමිනි.

" ගමේ මිනිස්සුන්ට හරි කුතුහලේ ... කූඩාරමේ ඉන්න දාඕචන්ලා දැකලා ...

නිතරම ගිහින් එබිකම් කරල බලනවා ... මිනිස්සු ට ඔබතුමාලා ගැන තියන ගෞරවය තවත් වැඩිවෙලා ... ගම් ප්‍රාධානීතුමා නම් හැබැයි ඉන්නේ මූණ ඇඹුල් කරන් ... උන්දැ බයවෙලා ද කොහෙද ඔබතුමාලා ගමේ ප්‍රධානීකම ගනී කියල ... "

ආචින්ගෙ ඕපදූප ඇසූ වෙයි මද සිනහවක් පෑවෙ ය .

" ඔහු මට බිය වෙනවා නම් බියවෙන්න ඕන අවම කාරණාව තමයි ... මං ගම් ප්‍රාධානීවරයා වෙයි කියන එක... හැරත් අප දෙදෙනා මේ දිවියේ අත්දුටු සෑම අත්දැකීමකින් ම අපට ඔප්පු උනේ  ... තනතුරු තාන්න මාන්න කියන්නේ මේ ලෝකේ තියන වැඩකටම නැති දේ කියල ..."

වෙයි තම ප්‍රකාශය අවසන් කළේ වංජි දෙසද බැල්මක් හෙලමිනි. මෙතෙක් බුම්මගෙන උන් වංජිගේ මුවෙහිද ළා හිනාවක් ඇදින.

අනිද්දට විවාහය පැවැත්වේ ... සෑම මොහොතක් ම  සුන්දරව ඒ වෙත ගමන් කරමින් හිදී .

.
.
.

විවාහයට පෙර දින නී හුවයිසාන් , වෙන් නින් , මියැන් මියැන් ඇතුළු පවුලෙ පිරිස පැමිණියේ ... වෙයි යින්ග්ව හඩන තරමට සංවේදී කරමිනි.

" ස්තූතියි පැමිණියාට දහස් වරක් ස්තූතියි ... "

වෙයි නැවත නැවතත් ඔවුන්ට ආචාර කරන ගමන් තෙපළයි.

කෙසේ හෝ විවාහයට පෙර දින වෙයි ට සහ වංජීට එක ම නිවසේ කල් ගත කිරීමට ගම්වැසියන් චාරිතානුකූලව ඉඩ නොදුන් නිසා ... වංජිට උනේ අමුත්තන්ට නවාතැන් ගැනීමට වෙන් කළ කූඩාරමකට යාමට වෙද්දී ... වෙන් නින් නී හුවයිසාන් දෙදෙන වෙයි ගේ තනියට වෙයි ගේ පැල්පත තුළ නතර විය .

එය කාර්‍යබහුල දිනයකි. මුළු ගමම තම එදිනෙදා වැඩ පසෙකලා විවාහයට ලක් ලෑස්ති වෙයි ... සෑම නිවසකින් ම පාහේ රසවත් කෑම වල සුවද හමද්දී ... කුඩාවුන් සැවොම මල් වැල් අත දරාගෙන ඒවා ගොතමින් හිදී ...

Gorgeous Days Where stories live. Discover now