ඉතින් ඔව් , එය ඔවුන් දෙපළගේ දිවියේ වඩාත් ම සුන්දර දිනයන්හි ආරම්භය විය .
.
.
.
.වෙයි ගේ පැල තුළ වූයේ එක් සයනයකි. තමා පිළියෙළ කර සැරින් වැඩි ආහාර ... කදුළු බේරෙන දෙනෙතින් යුතුව වුවද මහත් අභිරුචියෙන් අනුභව කළ ලන් චාන් ... රෑ නවයේ කණිසම වෙනවාත් සමග ම නිදිකිරා වැටෙන්නට වූ බව දුටු වෙයි , " ලන් චාන් ... ඔබේ නිදාගන්න වෙලාව ළං වෙලා නේද ... ඔබ මේ සයනය පාවිච්චි කරන්න ... මං ගාව පැදුරක් තියනවා , මං ඒකේ නිදාගන්නම් ... " යැයි පැවසුවේ ය .
එක්වරම නිදි කිරමින් හුන් ලන් වංජී , කෙලින් විය . ඉන්පසු වෙයි දෙස මද වෙලාවක් නිහඩව බලා සිට , සෙමින් හිද සිටි තැනින් නැගිට අවුත් , වෙයි අසලට ළං විය .
" ඔබත් එන්න සයනයට ... "
එක්වරම වික්ශිප්ත වූ වෙයි , ලන් චාන් දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ ය. ඇති වූ කෝල බව නිසා ම තම කම්මුල්වලට ලේ පිරෙන බව තේරුම්ගත් ඔහු , වහා ක්රියාත්මක වී දෑතින් ම තම කම්මුල් අතුල්ලගන්නා ගමන් , කතා කරන්නට විය .
" ලන් චාන් ... අම්ම්ම් ... අපි , අපි දේවල් ටිකක් හෙමින් කළොත් නරකද ... නෑ මං මේ කිව්වේ ...
හේයි හේයී ලන් චාන්!!! ... ඔය මොකද කරන්නේ ... මාව බිමින් තියන්න , ලන් චාන් ...!!! "
වෙයි ට තම වැකිය අවසන් කළ නොහැකි වූයේ ලන් චාන්ගේ බාධා කිරීමෙනි. වෙයි කතා කරන අතරතුරම , ඔහු වෙත පියවරෙන් පියවර ලන් වූ ලන් චාන් ... එක්වරම වෙයි ව බදෙන් අල්ලාගෙන තිරස් අතට වඩාගෙන ම සයනය වෙත පියමනින්නට උනේ , එක්වරම සිදු වූ දේ තේරුම්ගැනීමට නොහැකි ව ... සුළු මොහොතකට වික්ශිප්ත වී බලා හුන් වෙයි ... නැවත පියවි සිහියට පැමින කෑගසා දගලන අතරේම ය.
නමුදු වෙයි ගේ විරෝධය නොතකමින් ... ඔහුව සයනය මත දිගාකළ ලන් චාන් ... වෙයි තම දෑස් විසල් කර බලා සිටින අතරතුරේ ම වෙයි ගේ සිරුර මතට පැමිණියේ ... ඔහුගෙ දෑස් හා බැදී තිබූ බැල්ම නොකඩවමිනි .
" ලන් චාන් ... මො මොනවද කරන්නේ ඔය ... "
වංජිගේ ක්රියාව හමුවේ ... වෙයිට වචන පැටලිනි . ඊටත් වඩා ... ලන් චාන් අසලින් හමන ඔහුගේ සුපුරුදු සදුන් සුවද ... අද වෙනදටත් වඩා ප්රබලව දැනීම හේතුවෙන් , ඔහුට යම් මත් ගතියක් ද දැනෙන්නට විය.
YOU ARE READING
Gorgeous Days
Fanfictionආශ්චර්යය වගේ කතාවක් ඕන කියල කියපු අය වෙනුවෙනුයි මේ කතාව ... Gorgeous Days ... කතාවේ නමින් ම කෙනෙකුගේ හිතේ සතුටක් ඇති කරන්නයි මට ඕන වුනේ ... ඉතින් මේ කතාව ලියවෙන්නේ TU ඉවරවුනු තැන ඉදන් ... මතකනේ ... වෙයි සහ වංජි කදුකරයේදී මේ විදිහට කියල වෙන්වුනා...