03

392 40 9
                                    

වටිනාම දේවල් රැගෙන

බොහෝ වේගෙන් බොහෝ දුර ගමනය

දැන් ඉතින් මද්දහන පවා මට හීතය

පෙර පරිදි කරුණුය

මැණිකෙලා එහෙමය...

"පුතා...කන්න එන්න පහලට." නැන්දා දොර රෙද්ද ගාවින් පෙනී නොපෙනී ගියේ මං මගේ නුවර මැණිකෙ ගැන ගහපු මනෝ පාරත් කුඩුපට්ටන් කරගෙන. බැල්කනි එකට යන්න දාලා තිබ්බ පළල් ජනේලේ ඇරලා දලා තිබ්බ නිසා එලියෙ වැටෙන වැස්සෙ හිරිකඩ වලින් මාව ලාවට තෙමිලා තිබුණා. ජනේලේ වහලා පහලට යන්න ඔන්න මෙන්න තියෙද්දිම වගේ ෆෝන් එක වයිබ්‍රේට් උනා.

"උඹට කතා කලාද..."

"ඔව් ඕයි ඔව්...අඩෝ උඹ අවුල් ගන්නෙපා බං කොහොමත් ඕක වැට උඩනෙ තිබ්බෙ..." මගේ පපුවෙ පැත්තක් රිදෙන්න ගත්තා. අවුරුදු දෙකක් තිස්සෙ කරපු ලව් එක කොහොමද යකෝ වැට උඩ තිබ්බ කියලා කියන්නේ. මගේ නාහේ රිදීගෙන ඇවිත් ඇස් කෙවෙණි ලඟ දැවිල්ල දෙන්න ගත්තා.

"පෘථිවි..." මං වෙනුලිගෙ කටහඬට ගැස්සුණා.

"ඒකි මොකද කිව්වෙ කියලා විතරක් කියපන්..." මං අන්තිමේදි ඇහුවා.

"ඒකි කියනවා ඒකි දෙපැත්තෙන්ම හිර වෙලාලු ඉන්නෙ...ඒකිට උඹවත් ඕනෙලු ඒත් පවුලෙ අය තරහා කරගන්නත් බෑලු.ඒ නිසා..."

"ඕකිගෙ බොරුව බං..."

"මං දන්නවා ඕයි ඒකි උඹ හොස්පිටල් ඇඩ්මිට් වෙච්ච දවසෙ ඉඳලා අර පන්සිළු කියන එකා එක්ක නාඩගන් නටන්න ගත්තේ...මං උඹට කිව්වා බං එදාම ඕක අතෑරලා දාපන් කියලා කොහෙද ඉතින් උඹටත්..."

"ඇති ඕයි" මං කෑගැහුවා.

"දැන් උඹ ඔතන ඉඳන් බෙරිහන් දුන්නා කියලා මුකුත් වෙනස් වෙන්නෑ බං...ඒ නිසා ඕක අමතක කරලා දාපන්." මං කෝල් එක කට් කරලා ඇඳට විසික් කලා. ඊලඟට කෙස් වලින් ඇදගන්න ගමන් එතනම බිමට කඩාගෙන වැටුණා.

හෙසංකා...මගේ පලවෙනිම පලවෙනි ලව් එක. එයා හෙන ලස්සනයි. සුදුයි. අහිංසක පාටයි. ක්ලාස් එකේ හිටියෙත් මුල්ලකට ගුලි ගැහිලා වගේ. කැමත්තක් හිතුනම ඒක හිත අස්සෙ අස්සෙ හිරකරන් ඉන්න මෝඩ ගතියක් මට තිබ්බෙ නැතිනිසා ආදරේ දළු ලියලන්න පටන් ගත්ත මුල් කාලෙම මං එයාගෙන් ඇහුවා. එදා එයා බය වෙලා මං දිහා බලන් හිටපු විදිහ මට තාම මතකයි. කොහොමින් කොහොමහරි අපි අෆෙයා එකක් පටන් ගත්තා.

ශ්වේත (GL) Where stories live. Discover now