15

335 32 11
                                    

"අයියෝ දැන් කීයෙ ඉඳන්ද බලපන් ඕක අතගගා ඉන්නේ...පොඩ්ඩක් බලහන්කො සහනි"

"උඹ කරන්නැත්තන් කරන එකාටවත් පාඩුවෙ වැඩක් කරගන්න දීපන්..."

"අනේ හුත්ත තෝ තනියෙන් බුදුවෙන්නද බං යන්නේ...අම්මපා ඔය පොත විසිකරලා දානව හරිද පෘථිවි"

"විනාඩි පහක් දියන් තව එක ගාණයි තියෙන්නේ"

"අම්මගෙ රෙද්ද" ඔක්කොම කුණු කතා අහගෙන මං තවත් විනාඩි දහයක්ම අරන් රී කරෙක්ෂනුත් කරලා බීඑස් පොත වහලා දාද්දි අරුන් ටික මගේ වටේට වාඩිවෙලා සසර සලකිරිච්ච සෙට් එකක් වගේ මං දිහා බලන් හිටියා.

"දැන් උඹලා කොහෙ යන්නද ඔච්චරටම දඟලන්නේ...වහිනවනෙ බං නැතිවෙන්නම" උදේ ඉඳන් තිබ්බ හුලඟ තුනී වෙලා ගිහින් අහසෙ තිබ්බ අඳුරත් එක්කාසු කරගෙන පටන් ගත්ත පොද වැස්ස දැන් අකාල වැස්සක් වෙලා. මේ පීරියඩ් එක ලයිබ්‍රි. ඊලඟ එක ඉංග්ලීශ්. ඊට පස්සෙ එහෙම්මම නුගේගොඩ බඩගාන්න වෙනවා ක්ලාස් වලට. වැස්ස කීයට නතර වෙයිද මංදා. සැරටම තිබ්බොත් නොයා ඉන්නවා.

"ලයිබ්‍රි එකට යන් ඉතින්..." පෙත්මි කිව්වා.

"අනේ උඹ කියෝන පොත්...පකෝ ඔහොම නට නට ඉන්නැතුව පාඩමක්වත් බලාගනින්. ලබන මාසෙ එග්සෑම්" මං කිව්වේ පොත් සේරම එකතු කරලා බෑග් එකට දාන ගමන්.

"අපි පාඩම් කරන්නෙ මොකටද බං ඉතින් උඹ ඉන්නවනේ..." ඒ පාර සහනි මගේ කරට අතක් දාගෙන කිව්වා. මං ඒ අත ගසලා අයින් කළා. ඒකි මූණ අමුතු කරන් රවීෂා දිහා බලනවා මං ඇස් කොනෙන් දැක්කා.

"ම්ම්ම්...මොකද කරන්නේ එහෙනන් දැන්" රවීෂා ඇහුවේ අත් දෙක එකට අතුල්ලන ගමන්. මං එහෙම්මම බෑග් එක ඩෙස්ක් එකෙන් තියලා ඒකෙන් ඔලුව තියාගත්තා. මට හරි මහන්සියි. මේ විකාරෙ ඉවරයක් වෙන්නෙ කවද්ද කියලා හිතලම මට මහන්සියි. ටික දවසක ඉඳන්ම ඔහොමයි. මට ඒ ගෙදර තවත් ඉන්න බෑ. මෙහෙම ගිහින් අන්තිමේදි මාව පිස්සෙක් වෙලා නතර වෙයි. මට මගේ ප්‍රශ්නෙ කාටවත් කටක් ඇරලා කියන්න පුලුවන් එකක් නෙමෙයි. ඒත් දෙයියනේ මං මොනාද කරන්නේ...මං කොහෙද යන්නේ...මට බෑ තවත් මේක කරන්න. වෙලාවකට මටම මං ගැන හිනහා යනවා. ඔයා ආදරේ හොයන මිනිස්සු ඕන තරන් දැකලා ඇති. ඒත් ආදරෙන් පැනලා යන මිනිහෙක් මේ වෙනකන් දැකලා නැතුව ඇති නේද...මං මෙච්චර ඔයාට ආදරෙයි කියලා දෝතට පුරෝලා ආදරේ දෙද්දි ඒකට පයින් ගහලා හැංඟෙන්න හදන මනුස්සයෙක් ඉන්නවනම් ඒ මංම විතරක් වෙන්නත් ඇති. ඒත් කොහොමද මං එහෙම ජීවත් වෙන්නේ...මට බය හිතෙනවා. මට මං ගැනම මහ අමුතු බයක් දැනෙනවා. කවුරුහරි දැනගත්තොත් මට මොනවයින් මොනා වෙයිද කියලා හිතාගන්න බෑ. මගේ ජීවිතේ මේ කොහෙවත් ඉන්න එකියක් නිසා නාස්ති කරගන්න මට බෑ. තව මාස දහයක් වගේ හෙන පොඩි කාලයක් තියෙන්නේ ඒලෙවල් වලට. නුවර ඉඳන් රෑන්ක් එකක් දාලා කොලඹට ආවේ නිකන් නාස්ති වෙන්න නෙමෙයිනේ. මට සුපිරි රිසාල්ට් එකක් දාන්න මහන්සි වෙන්නෝනේ. ඒත් දැන් දැන් ඒක කරන්න මට මොරාල් එකක් නෑ. අම්මලා නැන්දලා කලින් ඉස්කෝලෙ මැඩම්ලා මේ ඉස්කෝලෙ අය යාලුවො හැමෝම හිතන් ඉන්නෙ මං ගේමක් ගහයි කියලා. උන් ඕනෙ නෑ මටත් ඕනෙ මොකක්හරි කරලා මාව පල්ලෙහාටම ඇදලා දාපු උන්ගෙ කටවහල් වැහෙන්නම උඩට එන්න. ඒත් මගේ හිත එකම විකාරයක් වෙලා. කන්න බෑ නිදාගන්න බෑ වැඩක් හරියට කරගන්න බෑ...මට හැමදේම එපා වෙලා ගිහින් වගේ දැනුනේ. මට මෙහෙම කරන්නෙපා පාඩුවෙ ඉන්න දෙන්න කියලා සියත්මගෙ කකුල් දෙක අල්ලගෙන වැඳ වැටෙන්න මට වෙලාවකට හිතෙනවා. ඒත් මට එහෙම කරන්න බෑ. එයාව දැක්ක ගමන්ම මගේ මුළු ඇඟම දියවෙලා වැක්කෙරෙනවා. එයාගෙ ඇස් දිහා බලන්න මට බෑ. මගේ හිත පාලනේ කරගන්න මට පුදුම ට්‍රයි එකක් දෙන්න වෙලා තියෙන්නෙ දැන්. පුලුවන් තරන් ක්ලාසස් වලටයි වැඩ වලටයි ඉස්කෝලෙටයි මං ඇටෙන්ශන් එක දෙන්නේ ඒ නිසයි. මට ඕනෙ මේ හැමදේකින්ම පැනලා යන්න. මට ඕනෙ සාමාන්‍ය ලමයෙක්ගේ ජීවිතේ. කසාඳ බැඳපු ගෑනියෙක්ට මුලු ජීවිතේම ලියලා දෙන මෝඩ හත්තිලව්වකට වඩා දෙයක් මට ඕනේ. මට ඕනෙ මගේ නිදහස.

ශ්වේත (GL) Where stories live. Discover now