"අනේ මට තේරෙන්නෑ බං ඕවා තෝරන්න..."
"තෝ බබා...නෙද්දකින් ඕයි උඹනම්"
"හරි ඕයි ඉතින් කවදා කරපු වැඩද ඕවා "
"අනේ පල යන්න" මං පිස්සු හැදිලා වගේ ෆෝන් එකත් කනේ ගහගෙන කාමරේ පුරා ඇවිද්දා.
"අනික මට රෝස පාට ඇඳුමකුත් නෑ බං"
"මං ලඟ වැඩිපුර රැලි ගවුමක් තියෙනවා දෙන්නද..."
"ගවුම ගහගනින් තොගෙ..."
"කේන්ති ගන්නෙපා සුද්දෝනියො...ඔයාට දැන් ෆ්රී නම් අපි නෝලිමිට් එක පැත්තෙ රවුමක් දාලා එමු...ගිෆ්ට් එකකුත් සිලෙක්ට් කරගත්තෑකිනෙ ඉතකොට"
"නැන්දනම් නෑ හැබැයි...ශේපට එලියට පයින්න පුලුවන් "
"එහෙනන් ඉතින් වරෙන්..."
"කොයි වෙලේ එයිද කියන්න දන්නැති එකයි අවුල බං...මට ශුවර්ම නැත්තෙ අම්මට මොනා කියයිද කියලා ඔය ගෑනි"
"මෙච්චර කල් ඉඳියනෙ ඉතින් උඹ...එහෙම මහ ලොකු අවුලක් උනේ නෑනෙ...අහ් මේ ඒක නෙමෙයි නැන්දයි උඹයි විතරද ඉන්නෙ ඔය ගෙදර" මට ඉබේටම කෙල ගුලියක් ගිලුණා.
"නැන්දගෙ පුතා ඉන්නවා..."
"ඉස්කෝලෙ යන එකෙක්ද..."
"තිහක් විතර ඇති බං උට"
"සිරාවට..."
"ඔව් බං"
"බැඳලද"
"ඇයි උඹට බඳින්නද"
"අර ඉතින් මනුස්සකමට ඇහුවහම පකේ කතා කියාගෙන එන්නෙපා හරිද..."
"උගෙන් වැඩක් නෑ ඕයි දැන් මොකද කරන්නේ මං...අරුන් ටික කතා කලාද"
"පෙත්මි නම් කලින්ම කැපුනනෙ...සහනි එද්දි ටිකක් පරක්කු වෙයි කිව්වා. දෙවන්යානම් කතා කලේ නෑ හැබැයි"
"එහෙනන් අපි පහ වෙද්දි එහෙට ගියානන් හරිනෙ...උඹ මොකක්ද බං ඒකිට ගත්තේ"
"කීපාරක් කිව්වද යකෝ මාත් තාම ගත්තේ නෑ. ඒකයි කිව්වෙ වරෙන් කියලා...උඹට ඇඳුමක් ගන්නත් ඕනෙ නේද"
"ඔව් ඕයි...මොන රෙද්දකට රටේ නැති පාට වලින් තීම්ස් දානවද මංදා මුන්"
"එහෙම තමයි බං පොඩි කෙල්ලො...උඹේ අතේ සල්ලි තියේද දැන්"
"කාඩ් එක තමා හැබැයි තියෙන්නෙ"