13

360 34 7
                                    

"එක පාරක් කිව්වනෙ හුත්තො මොකක්ද කරන්නෝනෙ කියලා. මගෙ යකා අවුස්සගන්නැතුව කියපු දේ විතරක් කරපන්..." එකපිට එක දාලා තිබ්බ පුටු දෙක තුනක උඩම පුටුවේ වාඩි වෙලා ඉන්න කොල්ලා මෙච්චර වෙලාවක් උගෙ තොල් අතරට මැදිවෙලා තිබුණු බීඩිය ඇඟිලි දෙහෙකින් අයින් කරන ගමන් කෑගැහුවා. ඒ මන්දාරම් කරුවලේ බීඩියෙ රතුතැඹිලි පාට අගිස්ස වගේම කොල්ලගෙ ලඟ හිටපු උගෙ යාලුවො දෙන්නා අතේ තිබ්බ කොකාකෝලා වීදුරු බෝතල් දෙකත් මලානික එලියකින් දිලිසුණා. ඊටත් වඩා දිලිසුණේ කොල්ලගෙ ලේ නැති මූණෙ මිනීමරු හිනාව. ඒ හිනාවට බය වෙලා උන්ගෙ ඉස්සරහ හිටපු පොඩි කොල්ලො දෙන්නා ගැහෙන්න ගත්තෙ මේ දැන් වතුරෙන් ගොඩ දාපු මාලුවො දෙන්නෙක් ගාණට. ඇරලා තිබ්බ පොඩි ජනේල් කෑල්ලෙන් ආපු මඳ සුලඟට පොඩි උන් දෙන්නගෙ නිරුවත් උඩුකය සීතලෙන් වෙවුලන විදිහ කොල්ලගෙ මූණෙ තිබ්බ හිනාව තවත් වැඩි කලා.

"ගලෝපන් ඉතින් !!!" කොල්ලගෙ සද්දෙට ගැස්සුණ පොඩි උන් දෙන්නා ඇඳගෙන හිටපු ඩෙනිම්වල ගාංචු ගලවන්න පටන් ගත්තෙ වෙවුලන අත් වලින්. කොල්ලා ආයෙම ලොකු දුම් උගුරක් ඇද්දා.

"බොසා මේන්..." කොහේදෝ ඉඳලා ආපු කොල්ලගෙ යාලුවෙක් තවත් පොඩි එකෙක්ව ඉස්සරහට තල්ලු කළා. ඌ හිටියෙත් අම්බානක බය වෙලා උනත් පපුවෙ ගැස්ම හංඟගෙන ඒකා වාඩි වෙලා ඉන්න කොල්ලගෙ ඇස් දිහා කෙලින් බැලුවා.

"දණගහපන් පරයො" කොල්ල ලඟ ඉඳපු උගෙ යාලුවෙක් පොඩි එකාගෙ කකුලකට ගහල ඌව බිමට ඇදලා දැම්මා. ඒත් ඒ ක්ෂණිකයෙන් පොඩි එකා ඌව තල්ලු කරලා දාද්දි වාඩි වෙලා ඉන්න කොල්ලගෙ මූණෙ හිනාව කන ලඟටම ඇදුනා.

"මූ නම් එසේ මෙසේ බාන්ඩයක් නෙමෙයි වගේ..."කොල්ලා හිනාවෙන්ම කියලා දැම්මා. හිනාවෙන්නෙ හොඳකට නෙමෙයි කියලා පොඩි එකා දැනන් හිටියත් ඌ කිසි වෙනසක් නැතුව බිම වැටුණු බෑග් එකත් කරට දාගෙන ආපහු හැරුණා. කලිසම් ගලෝගෙන යට ඇඳුම් පිටින් හිටපු උන් දෙන්නා ඌ දිහා බැලුවෙ ඌව පට්ට කෙරුමෙක් ගාණට දාලා. ඒකෙන් පොඩි එකාගෙ හිතේ ගැම්ම තවත් වැඩි උනා.

"මල්ලි..." කොල්ලා පුටුවෙන් බිමට පැන්නෙ පොඩි එකාව වට කරන් ඉන්න උගෙ යාලුවොන්ට අයින් වෙන්න කියලා අතින් සන් කරන ගමන්. කොල්ලගෙ කටහඬට පොඩි එකා හැරිලා බැලුවා. උගේ ලා දුඹුරු ඇස් වල මොකක්දෝ එලියක් පොඩි එකා ඒ වෙලාවෙ දැක්කා. හරියට තමන්ව අවනත කරගන්න ඒවලට බලයක් තියෙනවා වගේ. කොල්ලා හිටියෙ උරහිස් ලඟට දිග කොණ්ඩෙ බැඳගෙන. ඇඳගෙන හිටියෙ හම්පඩ වෙච්ච ඩෙනිමකුයි පාට ගියපු රතු පාට ෂර්ට් එහෙකුයි. ඌට තිබුනේ කහ පාට හමක් එක්ක පියවිච්ච ඇස් දෙහෙකුයි දිග නහයකුයි දිග තොලුයි. මහලොකු දෙයක් නොතිබුණත් කොල්ලා හැඩයි.

ශ්වේත (GL) Where stories live. Discover now