11

391 30 19
                                    

"වෑන් එක ලඟටම වෙලා ඉන්න හරිද...කවුරු කතා කලත් යන්නෙපා. මං ඉක්මනට එනවා" එහෙම කියපු ඇය පොඩි කෙල්ලව ලා අළු පාට වෑන් එක ලඟ දාලා අපෙනුත් මල් ගන්න කියලා කටපාඩමෙන් වගේ කියවන මල් අක්කලගෙන් නෙළුම් මල් පොකුරක් ගන්න අදහසින් පාරෙන් එහා පැත්තෙ තිබුණ ලෑලි කඩයක් දිහාවට ගියා.

අම්මා තමන්ගෙ නෙත් මානෙන් එහාට නොගියා උනත් පොඩි කෙල්ල හිටියෙ බය වෙලා. පොඩ්ඩක්වත් අතපසු වෙන්න නොදී එයා අම්මා දිහාවටම ඇස් යොමාගෙන හිටියා. අප්පච්චි නැතිවෙලා අදට අවුරුදු දෙකයි. උදේ හීල ගෙවල් ලඟ පන්සලට දීලා හවස් වෙන්න කලින් දෙන්න එක්ක දළදා මාලිගාවට ආවෙ පුරුද්දකට වගේ. කලින්නම් එන්නෙ අප්පච්චිගෙයි අම්මගෙයි දෙන්නගෙම උණුහුමට මැදිවෙලා. ඒත් දැන් එන්නෙ අම්මගෙ ඔඩොක්කුවෙ නිදාගෙන කම්මැලිකමේ. ඉස්සර තිබ්බ අප්පච්චි ආදරේ හිතෙන හිනාව, ඒ ආරක්ෂාව දැන් නැත්තටම නැතිවෙලා ගිහින්.අම්මට අප්පච්චි කෙනෙක් වෙන්න බෑනෙ...

අම්මා තද දම් පාට නිල් මානෙල් මල් මිටි දෙකක් අරන් එනවා දැක්ක කෙල්ලට පුංචි කාලෙ වෙච්ච සිද්ධියක් මතක් උනා. දවසක් තුන්දෙනා එක්ක අනුරාධපුරේ ගිහින් හිටපු වෙලාවක රුවන්මැලි සෑයට ලොකු ලොකු පලතුරු පිඟානුයි කැවිලි පෙවිලියි පූජා කරන එක දැකලා ඉතකොට යන්තන් අවුරුදු හතක් විතර වෙච්ච කෙල්ලට ලොකු ප්‍රශ්නයක් මතු උනා.

"ඇයි අම්මා මේ මිනිස්සු කෑම දෙන්නෙ චයිත්තියට...ඒකට මේවා කන්න බෑනෙ සාදුලට වගේ" එයා ඒ විදිහට අම්මා ඉස්සරහ තමන්ගෙ ප්‍රශ්නෙ එලියට දැම්මා.

"ඔයා තාම පොඩියි චූටි දූ...දැන්ම ඉඳන් පැහෙන්නැතුව ඉන්න" අම්මගෙ උත්තරෙන් සෑහිමකට පත්වෙන්න බැරිඋන පොඩි එකී අප්පච්චි ලඟට දුවගෙන ගියා.

"ඒක ඇවිල්ලා පුතේ අපි ශ්‍රද්දාවෙන් කරන දෙයක්. ඔයාට ඔය ලොකු වචන තවම තේරෙන්නෙ නැතුව ඇති. මෙහෙම හිතන්නකො...දැන් අපි බුදු සාදුගෙ පිලිමෙට මල් පහන් තියලා පූජ කරනවනෙ. ඒ විදිහටම බුද්ධ පූජාවත් තියෙනවනෙ. ඒත් ඇත්තටම එතන බුදු සාදු නෑනෙ. තියෙන්නෙ මැටි පිලිමයක්. ඒත් අපි ඒ බුදු සාදු කියලා හිතලා ඒ පිලිමෙට ඒ දේවල් පූජ කරනවා. ඉතකොට මේ චයිත්තියත් ඒ වගේ. වෙනසකට තියෙන්නෙ මේක අපේ ගෙදර තියෙන පිලිමෙ වගේ එකක් නෙමෙයි එක විතරයි. මේකෙ තියෙනවා බුදු සාදුගෙ ද්‍රෝණයක් දාතු..."

ශ්වේත (GL) Where stories live. Discover now