08

324 36 6
                                    

"මං කොහෙටද එන්න ඕනේ..."

"බෙල්ලන්විල පංසල ගාවට...පුළුවන් නම් විතරක්"

"ම්ම්...මං එන්නම්"

"පරිස්සමින් රං..."

"මට ඔය වචනෙ කියන්නෙපා." මං කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගෙන දෙහිවල පාරෙ බස් එහෙකට නැග්ගා. මගේ ඔලුව සුපිරියටම විකාර වෙලා ගිහින්. ඒ අස්සෙන් බස් එකේ ප්ලේ වෙන්නෙත් පත බූටක් කාපු එකෙක්ගෙ අඳෝනාවක්. අද සෙනසුරාදා නිසා යාලුවෙක් එක්ක ක්ලාස් එකක් බලන්න යනවා කියලා නැන්දට බොරුවක් කියලා ගෙදරින් පැනගෙන මහරගම රස්තියාදුවකුත් ගහලා මං මේ යන්නෙ මගේ ජීවිතේ ආයෙම බිංඳුවටම බස්සගන්න කියලා මං නොදන්නවා නෙමෙයි. ඒත් මොකක්දෝ හේතුවකට මට එයාට බෑ කියන්න බැරිවුණා.

මේ ගෙවිච්ච සතියෙම මං හිටියෙ මාර ප්‍රෙෂර් එහෙකින්. ඉස්කෝලෙදි විතරයි පොඩි හරි සැනසීමක් තිබ්බේ. එදා මං අරකි එක්ක අන්තිමටම හිටපු දවසෙන් පස්සෙ මේ වෙනකන් මං මූණ දිහාවත් බැලුවෙ නෑ. මට ඒ තරම් අප්පිරිය වුණා. ඇත්තටම බැලුවොත් මට මෙහෙම කේන්ති ගන්න කිසිම වුවමනාවක් තියෙන්න විදිහක් නෑ. මොකද ඒ මගේ කෙල්ල හරි එහෙම කවුරුවත්හරි නෙමෙයිනේ. අනික එයා ළමයෙකුත් ඉන්න අම්මා කෙනෙක්. ඇරත් එයා අයියා එක්කත් ඕනෙ තරම් එකට ඉඳලා ඇති. ඒත්...මගෙ හිත කියන්නෙම එයා මගේ විතරයි කියලා. ඒකද මෙච්චර දුකක් දැනෙන්නේ මට. මගේ දේවල් වෙන කෙනෙක්ට දෙන එක ගැන මට දුක හිතෙන එක, කේන්ති යන එක සාධාරණ නැද්ද...

බස් එකට නැග්ග ඩිංඟට ඔලුවෙ කැක්කුමකුත් අල්ලලා ගියා. කරුමෙට කේස් එකත් චාර්ජ් කරන්නත් අමතක වෙලානෙ. මං ෆෝන් එක අරගෙන අයිජී එකට ලොග් වෙලා ඒකේ පහලට පහලට ස්ක්‍රොල් කරගෙන යද්දි අන්නොව්න් නම්බර් එහෙකින් කෝල් එකක් ආවා. ටිකක් වෙලා ඒක දිහා බලන් ඉඳපු මං ෆෝන් එක සයිලන්ට් කරලා ආයෙම සාක්කුවට දාගත්තේ බස් එකේ ආන්ස්වර් කරන්න බැරිනිසා. විනාඩි පහලවක් විතර යද්දි බස් එක පන්සල ගාව හෝල්ට් එකෙන් නතර කළා. මං හෙසංකාට කෝල් එකක් අරන්ම බස් එකෙන් බැස්සා.

"මං ඇවිත් ඉන්නේ..." මං වටපිට බලන ගමන් කිව්වා.

"මං දැක්කා ඔයාව. ගේට් එක ලඟ බලන්න" මං ඒ දිහාවෙ බලද්දි එයා මට අත වැනුවා. මං කෝල් එක කට් කරලා පාර පැන්නා. එයාව දකිද්දිම මගේ පපුව කඩාගෙන ගියා. මං දැක්කේ ඉස්සර හිටපු පුංචි කෙල්ලව. ඉණ ගාවට දිග කොණ්ඩෙ, චූටි සුදු මූණ,දිලිසෙන හීනි ඇස්, ඒ ලස්සන හිනාව. කාලයක් මට අයිති වෙලා හිටපු එයාව දකිද්දි මගේ ඇස් කෙවෙණි අගට කඳුලු පිරෙන්න පටන් ගත්තා. මං කොච්චර අකමැති වුණත් එයාව අමතක කරන්න බෑ කියන ඇත්ත මට එවෙලෙ පිළිගන්න සිද්ධ වුණා.

ශ්වේත (GL) Where stories live. Discover now