තම මව්ට සිදුවීම පැහැදිලි කර හති වැටුණු අප්පු කාමරයට විත් ඇදේ හාන්සි උනේ ය.. නොදැනීම සුසුමක් අතහල හේ ජනේලෙන් එපිට බැලුවේ ය. ඔහුගේ මතකය අරක්‌ගන්න උනේ බාබු යි. සැබෑවටම ඔහු තමාව රැගෙන ගිය හේතුව අප්පුට තවමත් පැහැදිලි නොවිය.. මස් ගන්න නොවන බව ඔහුට පැහැදිලි ය. කප්පම් ගන්නවා නම් තමා බැන්න පමණින් ඔහු තමාව නිදහස් නොකරනු ඇත. එසේ නම් ඔහුගේ පැහැරගැනීමේ අරමුණ කුමක් දැයි අප්පු දහ අතේ කල්පනා කලේ ය.. නමුදු පිළිතුරක් සිතා ගැනීමට ඔහුට නොහැකි විය.
කෙසේ උවත් කැලෑ වැද්ද නපුරුය. සතුන් මැරීම ඔහුට කජු කන්නාක් මෙනි. කුරිරු ලෙස ඔහු සතුන් මරයි.. එය කිසිසේත්ම සුන්දර හො යහපත් නොවිය. අප්පුට ඒ පිළිබද තරහක් දැනුනද තමා මස් නොකන බව කී විට කැලේ ට ගොස් පලතුරු ගේන්න තරම් බාබු කරුණාබර විය..
"සමහරවිට මාත් එක්ක යාලු කමක් තිය ගන්න හිතිලද දන්නේ නැ.." අප්පු තමාටම මුමුණා ගත්තේ ය. " එහෙනම් මාව අරන් යන්න ඕන නැනේ..? කතා කලා නම් මාත් කතා කොරනවනේ? ඒකකානේ කොයි වෙලෙත් පුප්පන් යන්නේ? "
අප්පු තමා එක්කම කතා කරන්න උනි.. පැහැදිලි හේතු නැතිව ඔහු ඇදේ ඒ මේ අත පෙරලුනි. එකවරම ඔහුට කල්පනා උනේ ගිනිමැලයට දිලිහුන බාබුගේ වත ය.. අප්පු එය නැවත නැවත මතක් කලේ ය. තමා කඩවසම බව ගමේ බොහෝ අය අප්පුට කියා තිබුනද අප්පු ඒ ගැන උජාරු නොවිය. නමුත් ඔහුට තමාව හා බාබුව සැසදීමට ඕන වුණි.හේ කාමරයේ වූ කැඩපත අතට ගෙන බැලුවේ ය.. අප්පුට තිබුනේ හිනි ඇහි බැමය..ඇස් බොල උනත් බාබුගේ හිනි විය.. ඔහුට තිබුනේ බළල් ඇස් උනත් අප්පුගේ ඇස් තද කළු ය..නමුත් බාබුගේ ඒවා ඝන විය.. අප්පු නාහේ කොටය. නමුත් බාබුගේ දිගය. අප්පුගේ තොල් ලා පහතිය. බබුගේ තද ය.. අප්පුගේ මුවට තොල කොන වූ ලපය කොමල බවක් එක් කලද බාබුගේ ඇහැ බේරාමින් තිබුන හීරූම් පැල්ලම ඔහුට සරාගී බවක් එක් කලේ ය.
සැසදීමට තව බොහෝ දේ තිබුනද අප්පු එය අත්හැර කුස්සියට ගියෙ උගුරකට තෙමා ගන්නය.
"ඒක තමා අපේ මහත්තයා... පව් අනේ... මැණිකේ ගේ මුණ තඩිස්සි වෙලා.." තම මව් හුල්ලනු ඔහුට ඇහුණි..